තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස, ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති ( Information Security Management Systems) සඳහා වන ISO/IEC 27001:2013 සහතිකයෙන් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙම සහතිකයෙන් පිදුම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, සමාගමේ තොරතුරු සහ දත්ත වල සුරක්ෂිතතාව වෙනුවෙන් සිදුකරන මෙහෙවර මෙම ප්‍රමිති සහතිකයෙන් අවධාරණය කරනු ලබයි. පුළුල් විගණනයකින් පසුව Bureau Veritas Lanka (Pvt’) Ltd විසින් මෙම ප්‍රමිති සහතිකය පිරිනමන ලදී.

ISO/IEC 27001:2013 යනු තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති සඳහා වන ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රමිතිය වන අතර, වටිනා තොරතුරු වත්කම් ආරක්ෂා කිරීමට සහ කළමනාකරණය කිරීමට උපකාරී වන ප්‍රමිතියකි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය තොරතුරු වත්කම්වල රහස්‍යභාවය, අඛණ්ඩතාව සහ උපයෝජ්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කර ඇති බවට ISO/IEC 27001:2013 ප්‍රමිතිය ස්ථාපිත කිරීමෙන් ගම්‍ය වේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි තොරතුරු දත්ත ආරක්ෂණය නීතිමය අවශ්‍යතාවයන්ට පමණක් සීමා නොවන අතර ඉන් ඔබ්බට ගොස් තම පාරිභෝගිකයින්ගේ විශ්වාසය තහවුරු කිරීමට අවශ්‍ය උපරිම රහස්‍යභාවය පවත්වා ගෙන යාමට නිරන්තරයෙන් බැඳී සිටී. එසේම එල්ල විය හැකි ආරක්ෂක අවදානම් සහ තොරතුරු වත්කම් වලට ඇති බාහිර බලපෑම් මහා හරවා ගැනීමට අවශ්‍ය දැඩි ක්‍රියාපටිපාටීන්ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අනුගමනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment