පාසල් වෑන් ගාස්තු ගැන තීරණය පෙබරවාරියේ ඉන්ධන සංශෝධනයෙන් පසු – පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති

46

රජය පෙබරවාරි මාසයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුකළ හොත් පාසල් වෑන් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්‍ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ට ඊයේ (02 දා) පැවසීය.

එක්තරා පාසල් වෑන් රථ සංගමයක් පාසල් වෑන් ගාස්තු ඉහළ නංවන බවට පැවසුවත් මෙම මාසයේ පාසල් නිවාඩු බැවින් එලෙස පැවසීම දෙමාපියන්ට කරන බලවත් අසාධාරණයක් බව ද හෙතෙම කීය.

තවදුරටත් කතාකළ හරිස්චන්‍ද්‍ර පද්මසිරි මහතා මෙසේද කියා සිටියේය.

“වැට් බදු හා ඉන්ධන මිල ඉහළ නැංවීම නිසා පාසල් වෑන් රථ රියැදුරන් සියලුදෙනාම අපහසුතාවට පත්වෙනවා. මේ මාසෙ නිවාඩු නිසා අපිට එච්චර ගැටලුවක් නැහැ. පාසල් ආරම්භ වෙන්නේ පෙබරවාරියේ. ඒ මාසයේ රජය ඉන්ධන මිල සංශෝධනය කළාම තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ පාසල් වෑන් ගාස්තු ඉහළ නංවනවද නැද්ද කියලා. එහෙම සංශෝධනයක් කරනවා නම් ඒ ගැන අපි දෙමාපියන්වත් දැනුවත් කරනවා.

මේ වෙලාවේ අපි පාසල් වෑන් ගාස්තු නංවන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපිත් හරිම අමාරුවෙන් ගමන යන්නේ. ටයර් මිල වැඩියි. අමතර කොටස් මිල වැඩියි. සර්විස් ගාස්තු වැඩියි. ඉන්ධන මිලත් වැඩියි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment