ටෝනි කරුණානායක අවසන් කටයුතු අද

93

‘දිවයින’ පුවත්පතේ දීර්ඝ කාලයක් සේවය කළ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වූ ටෝනි කරුණානායක මහතා ඊයේ (2 දා) අභාවප්‍රාප්ත විය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදියා ලෙස දශක 2 කට අධික කාලයක් කටයුතු කළ ටෝනි කරුණානායක මහතා ඊ. ඒ. සුජාතා මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා ද වේ. ඒ මහතා වෘත්තියෙන් ගිණුම් කළමනාකාරියක වූ සඳරු අප්සරා කරුණානායක දියණියගේ සහ මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ලහිරු ආසිරි කරුණානායක පුතුගේ ද ආදරණීය පියාණන් වේ. මියයන විට ඔහු 57 වැනි වියේ පසුවිය. පුවත්පත් කලාවට ඉමහත් ළැදියාවකින් යුතුව කටයුතු කළ කරුණානායක මහතා අවංකවත් අපක්‍ෂපාතීවත් මාධ්‍යකරණයේ නිරත වූ දක්‍ෂ මාධ්‍යවේදියෙකි. ඒ මහතාගේ දේහය නිල්පනාගොඩ දූනගහ පාරේ ‘ආසිරි’ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (3 දා) සවස 6.00 ට මිනුවන්ගොඩ ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment