වසර 4ක් තිස්සේ දැරියක අපයෝජනය කළ කරණවෑමියා සහ ත්‍රිරෝද රියදුරු අල්ලයි

979

දැරිය බියකර මුදලුත් දීලා

වයස අවුරුදු 15ක් වන බාලවයස්කාර පාසල් දැරියක්, 2020 වර්ෂයේ සිට මේ දක්වා වසර 4ක කාලයක සිට මුදල් ලබා දෙමින්, එම දැරිය බිය ගන්වා වරින්වර ස්ත්‍රී දූෂණයට ලක් කළ කරණවෑමියෙකු, ත්‍රී රෝද රථ රියැදුරෙකු අත්අඩංගුවට ගත් බවත්, ප්‍රදේශය මඟ හැර පලා ගොස් සිටින තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර යාපනය හන්දිය ප්‍රදේශයේ කොණ්ඩා කපන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන 56 හැවිරිදි ‘පොඩි මාමා’ නැමැත්තෙකු සහ මල්වතු ඔය ගඟ බඩ පාරේ පදිංචි ත්‍රී රෝද රථ රියැදුරකු වන 47 හැවිරිදි ‘චූටා’ නැමැති පුද්ගලයෙකි.

වින්දිත දැරිය මේ වනවිට අනුරාධපුර පාසලක දහවන වසරේ ඉගෙනුම ලබන බවත් , දැරිය හය වසරේ සිට මෙම දැරිය ස්ත්‍රී දූෂණයට ලක් කර ඇති බව පොලිසිය කියයි.

අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

එම සිද්ධියට සම්බන්ධ පිරිසක් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැලුන්හිමි කරණවෑමියා වසර හතරක් තිස්සේ දැරිය දූෂණයට ලක් කර, රුපියල් 100, 200 සහ 250ක මුදලක් ලබාදෙමින් දැරිය රවටා, බිය ගන්වා නිවසට පිටත් කර යවා ඇති බව දැරියගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර මහතාගේ මෙහෙය වීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක යමුනා කාන්ති මහත්මිය ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment