එක් වකුගඩුවක් හොඳින් තිබියදීත් සැත්කම ඉක්මන් කරලා වකුගඩු දෙකම ඉවත් කරලා – පියා සාක්‍ෂි දෙයි

196

අනිත් වකුගඩුවට මොකද වුණේ විමර්ශනයක් කරන්න පොලිසියට නියෝග
උසාවිය වකුගඩුව නිරීක්‍ෂණය කරනවා – මහෙස්ත්‍රාත්

සිය දරුවාගේ වකුගඩු ශල්‍යකර්මය සිදුකිරීම සඳහා රෝහල විසින් මෙම වසරේ පෙබරවාරි මස දිනයක් ලබාදී තිබියදීත් ඊට මාස කිහිපයකට පෙරම රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ඔහු ශල්‍යකර්මයකට භාජනය කළ බවත් එහිදී දුර්වල වම් වකුගඩුව මෙන්ම නිරෝගී තත්ත්වයේ තිබූ දකුණු

වකුගඩුවත් ඉවත් කර ඇති බව දැන ගන්නට ලැබුණු බවත් වකුගඩු ශල්‍යකර්මයකින් අනතුරුව මියගිය තෙහැවිරිදි පිරිමි දරුවාගේ පියා වන මොහොමඩ් පස්ලිම් මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේදී සාක්‍ෂි දෙමින් ඊයේ (09දා) පැවසීය.

සිය දරුවා පරීක්‍ෂා කළ වෛiවරුන් ඔහුගේ වම් වකුගඩුව දුර්වල තත්ත්වයකින් තිබෙන නිසා එය ශල්‍යකර්මයකින් ඉවත් කළ යුතු බවට කළ නිර්දේශ අනුව පසුගිය වසරේ නොවැම්බර් මස රෝහල්ගත කළ බවත් එම මාසයේ ශල්‍යකර්මය සිදු කිරීමට නොහැකි වූ බවත් බොරැල්ල පොලිසිය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ උප පොලිස් පරීක්‍ෂක දයාසිරි මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි දෙමින් හෙතෙම පැවසීය. ශල්‍යකර්මය සඳහා 2023 වසරේ පෙබරවාරි මස දිනයක් ලැබීම නිසා රෝහලෙන් යළි නිවසට රැගෙන පැමිණි දරුවා පරීක්‍ෂා කළ වෛi මලික් සමරසිංහ මහතා දරුවාව රෝහල්ගත කරන ලෙසට ලබාදුන් නිර්දේශය අනුව පසුගිය දෙසැම්බර් 22 වැනිදා නැවත රෝහල්ගත කළ බවත් එහිදී සාක්‍ෂි ලබාදෙමින් පැවසූ දරුවාගේ පියා ඔහු ඉන් දින දෙකකට පසුව සිය දරුවා ශල්‍යකර්මයකට භාජනය කළ බවත් පැවසීය. ශල්‍යකර්මයට භාජනය කිරීමෙන් පසුවත් ඔහු නැවත රෝගීවීම නිසා සිදුකළ ස්කෑන් පරීක්‍ෂණයේදී සිය දරුවාගේ වකුගඩු දෙකම ඉවත් කර ඇති බව වාට්ටු භාර වෛiවරයා පැවසූ බවත් එහිදී අධිකරණයට පැවසූ මොහොමඩ් පස්ලීම් මහතා ශල්‍යකර්මය සිදුකිරීමේදී අත්වැරදීමකින් වකුගඩු දෙකම ඉවත් කර ඇති බව ශල්‍යකර්මය සිදුකළ වෛiවරයා හා දරුවාට ශල්‍යකර්මය සිදුකළ යුතු බවට නිර්දේශ කළ වෛiවරයා ප්‍රකාශ කළ බවද පැවසීය. එම දරුවාට තිබී ඇත්තේ එක් වකුගඩුවක් පමණක් බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කළත් ඔහුගේ ශරීරයේ වකුගඩු දෙකක් තිබූ බවට හා ඒවා බද්ධ වී නොතිබූ බවට පෞද්ගලිකව සිදුකළ ස්කෑන් පරීක්‍ෂණ මගින් මනාව සනාථ කර ඇති බැවින් එකී ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැක්කේ යැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වෛi වයි. එල්. එම්. යුෂුෆ් මහතා අධිකරණයට පැවසීය.

මේ වනවිට රෝහල් පරීක්‍ෂණාගාරයේ ඇත්තේ එම දරුවාගෙන් ඉවත් කළ එක් වකුගඩුවක් පමණක් බව රෝහල් පාලනාධිකාරිය දැනුම්දී ඇතැයි පොලිසිය අධිකරණයට පැවසීය.

සියලු පාර්ශ්ව දක්වන කරුණු හා ඉදිරිපත් කර ඇති පරීක්‍ෂණ වාර්තා අනුව තම අධිකරණයට එම වකුගඩුව නිරීක්‍ෂණය කිරීමට සිදුවන්නේ යැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විවෘත අධිකරණය හමුවේදී ප්‍රකාශ කළාය. එම දරුවාට පිහිටා තිබුණේ යැයි කියන අනෙක් වකුගඩුවට කුමක් සිදුවී ඇත්දැයි නිශ්චිත කරගැනීම සඳහා විධිමත්ව විමර්ශන කරන ලෙසට පොලිසියට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය වැඩිදුර මරණ පරීක්‍ෂණ සාක්‍ෂි ලබාගැනීම ලබන 22 වැනිදා දක්වා කල්තැබීමට නියෝග කළාය.

ජීවිතයට තර්ජනයක් එල්ලවිය හැකි තරමේ අසතුටුදායක රෝග තත්ත්වයකින් පසු නොවූ මියගිය දරුවාට කඩිනමින් ශල්‍යකර්මයක් සිදුකිරීම පිටුපස යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇතැයි අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වෛi වයි. එල්. එම්. යුෂුෆ් මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී මාධ්‍ය අමතමින් පැවසීය. ශල්‍යකර්මය සඳහා ලබාදී තිබූ දිනයට මාස කිහිපයකට පෙරම හදිසියේ එකී ශල්‍යකර්මය සිදුකිරීම හා ඉන්පසු වකුගඩු දෙකම ඉවත් කිරීම අනුව අගතියට පත් දෙමාපියන් ඥාතීන්ට එවන් ගැටලුවක් මතුවී ඇතැයි ද පැවසූ නීතිඥ වයි. එල්. එම්. යුෂුෆ් මහතා යම් යම් රෝග ලක්‍ෂණ පෙන්නුම් කළත් එතරම් කඩිනමින් එකී ශල්‍යකර්මය සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොතිබූ බව ඉදිරිපත් වී ඇති වෛi වාර්තා අනුව පැහැදිලි වන්නේ යැයි ද පැවසීය.

ඒ ජේ ඒ අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment