බ්‍රැන්ඩික්ස් (Brandix) දෙවන වරටත් LEED Platinum සම්මානයෙන් පිදුම් ලබයි

81

“මිහිතලයට ආදරයෙන් තිරසාර හරිත ගමනක් යමු” සංකල්පය යටතේ ක්‍රියාත්මක මෙරට ප්‍රමුඛ පෙලේ ඇඟළුම් නිෂ්පාදන ආයතනයක් වන Brandix ආයතනය දෙවන වරටත් ජාත්‍යන්තරව පිළිගත් ලොව පළමුවැනි හරිත ඇඟළුම් කර්මාන්ත ශාලාව ලෙස LEED Platinum සම්මානය දිනාගැනීමට සමත්වී ඇත. Net-Zero Carbon (ශුද්ධ ලෙස කාබන් ශූන්‍ය) ඇඟළුම් කර්මාන්ත ශාලාවෙනුවෙන් පිරිනමන මෙම සම්මානය මීට පෙරද Brandix ආයතනය විසින් හිමිකරගත් අතර මෙවර එම සම්මානය හිමිව ඇත්තේ Brandix කොග්ගල කර්මාන්ත ශාලාව වෙතය. ගෝලීය උණුසුම හා දේශගුණික විපර්යාසයන් ගෝලීය තර්ජනයක් බවට පත්වෙමින් පවතින වටපිටාවක පරිසර හිතකාමී නිෂ්පාදන රටාවක් ඔස්සේ යමින් සිය නිෂ්පාදන කටයුතු සිදුකරන Brandix සමූහය ඒ සඳහා පළමු පියවර තබන්නේ අදින් වසර 15 ට පෙරය. එහි ප්‍රතිඵලයක් ලෙස Brandix මඩකලපුව ආයතනය මීට වසර කීපයකට පෙර ද සම්මානයෙන් පිදුම් ලැබීය.

එක්සත්ජාතීන්ගේ පැරිස් සම්මුතියට අනුව යමින් ලොව සියළු රටවල් පරිසර හිතකාමී නිෂ්පාදන රටාවක් වෙත අනුගත වෙමින් මේ වනවිට නිෂ්පාදන කටයුතු සිදුකරන අතර එම සියළු ආයතනයන් Net-Zero Carbon තත්ත්වය වෙත ළඟාවීම පිණිස සැලසුම් සකස් කොට ඇත්තේ 2025 වර්ෂය පමණ වන විටය. එවැනි තත්ත්වයක් තුළ Brandix සමූහය මේ වනවිටත් එම ඉලක්කය ජය ගැනීමට සමත්ව සිටින අතර 2030 වසර වන විට Brandix ආයතන සියල්ලම ශුද්ධ ලෙස කාබන් ශූන්‍ය කලාපයක් බවට පත්කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment