මහජන බැංකුව Asiamoney Awards සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර වෙයි

53
මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව, Asiamoney Awards සම්මාන උළෙලේදී නැවත වරක් සම්මානයට පාත්‍ර වී ඇත. ඒ අනුව, විශිෂ්ටත්වය සඳහා වන කැපවීම සහ විවිධත්වය හා අන්තර්කරණය පිරි බැංකු පරිසරයක් ගොඩනැංවීමට දක්වන කැපවීම යළි යළිත් තහවුරු කරමින් මහජන බැංකුව ‘ශ්‍රී ලංකාවේ හොඳම දේශීය බැංකුව’(Best Domestic Bank in Sri Lanka) සහ ‘විවිධත්වය සහ අන්තර්කරණය සඳහා හොඳම බැංකුව’(Best Bank for Diversity & Inclusion) යන සම්මානයන්ගෙන් පිදුම් ලැබීය.

Asiamoney සඟරාව සංවිධානය කළ Asiamoney Awards සම්මානය බැංකු සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛපෙළේ සම්මාන උළෙලකි. මෙහිදි වඩාත් පු`ඵල් පර්යේෂණ ක්‍රමවේදයන් ඔස්සේ බැංකුකරණ ආයතන සිය කේන්ද්‍රිය බැංකු ක්‍රියාකාරකම් වලදී ලබාගන්නා සුවිශේෂී ජයග්‍රහණ සහ ප්‍රගතිය ඇගයීමට ලක් කෙරේ. මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්‍ෂ මහතා, Asiamoney සම්මාන උළෙලේදී මෙසේ ඇගයීමට ලක් වීම පිළිබඳව අප සතුටට පත්වනවා. ශ්‍රී ලාංකිකයින්ට උසස් බැංකු සේවාවක් පිරිනැමීම සඳහා වන අපගේ අඛණ්ඩ උත්සාහය මෙන්ම අප ආයතනයේ සෑම අංශයකම විවිධත්වය සහ අන්තර්කරණය පෝෂණය කිරීම සඳහා වන අපගේ කැපවීම මේ සම්මාන තුළින් මනාව පිළිඹිබු වනවා. නව්‍යකරණය හා තිරසර වර්ධනයක් සඳහා විවිධත්වයෙන් යුත් ශ්‍රම බලකායක් සහ ආයතනික සංස්කෘතියක් අත්‍යවශ්‍ය බව අප විශ්වාස කරනවා.’

advertistmentadvertistment
advertistmentadvertistment