චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ  ගිවිසුමකට සාකච්ඡා කඩිනම් කරයි

108

චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා ක්‍රියාවලිය කඩිනම් කිරීමට දෙරට එකඟ වී ඇත.

මේ අනුව එම වෙළෙඳ ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමට උත්සාහ කරන බවට චීනය ශ්‍රී ලංකාවට එකඟතාව පළකර ඇත.

එමගින් දෙරට අතර ආර්ථික හා වෙළෙඳ සහයෝගිතාව තවත් ශක්තිමත් වනු ඇති බව ද කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයට සාපේක්‍ෂව චීන විදේශ ඇමැති වැන්ග් යී මහතා ඉකුත් සිකුරාදා ශ්‍රී ලංකා විදේශ ඇමැති අලි සබ්රි මහතා හමු වූ අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment