අරගලභූමියේ සිටි  ආබාධිතයන් 12කට  අමානුෂික ලෙස  පහර දුන්නා – මනෝවිද්‍යා උපදේශිකා ආශා දිල්රුක්‍ෂි

179

ආරක්‍ෂක අංශ සාමාජිකයන් ගෝල්ෆේස් අරගල භූමියේ සිටි විශේෂ අවශ්‍යතා ඇති ආබාධිත පුද්ගලයන් 12 දෙනකුට අමානුෂික ලෙස පහරදී බඩුමුට්ටු විසිකර ඔවුන් රැඳී සිටි කුටිය කඩා බිඳදැමීම සම්බන්ධයෙන් කොටුව පොලිසියට පැමිණිලි කළ බව විශේෂ අධ්‍යාපනවේදිනී, මනෝවිද්‍යා උපදේශිකා ආචාර්ය ආශා දිල්රුක්‍ෂි පෙරේරා මහත්මිය ‘දිවයින’ට ඊයේ (24 දා) පැවැසුවාය.

විශේෂ අවශ්‍යතා සහිත මොවුන්ගේ ශරීර වල තළීම් තුවාල දක්නට ඇති බවත්, ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාරගත් බවත් ඇය කියා සිටියාය.

මෙම අමානුෂික පහරදීම සම්බන්ධයෙන් හෙට (26දා) උදේ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන බව පැවසූ ඇය තවදුරටත් මෙසේද කියා සිටියාය.

“රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණ ගමන් ආරක්‍ෂක අංශ විසින් වටලා බොහොම කැත විදිහට අරගල භූමියේ හිටිය විශේෂ අවශ්‍යතා ඇති ආබාධිත පුද්ගලයන්ට පහර දුන්නා. මේ තරුණ තරුණියන් රැඳී සිටියේ රටේ සමස්ත විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන්නයි. මේ අය ගැන සමාජයේ අවධානය නැති වෙලාවක ඒ සියලු දෙනා නියෝජනය කරමින් මේ අය භූමියේ රැඳී සිටියේ. මොවුන්ට ප්‍රහාරය එල්ලවෙනකොට රෑ 12.00 යි.”

පහරකෑමට ලක්වූ විශේෂ අවශ්‍යතා සහිත තරුණියක වන ධම්මිකා තලටුවාවේ මෙසේ කියා සිටියාය.

“අපි හට් එක ඇතුළේ ඉන්න කොට ආරක්‍ෂක අංශ අපිට බිම දාගෙන ගැහුවා. පස්සේ අපිව එළියට ඇදලා දාලා අපේ බඩුමුට්ටුත් එළියට දැම්මා. අපේ ආබාධිත හැඳුනුම්පත් ටිකත් නැතිවෙලා. අපේ කුටිය හදන්න රුපියල් ලක්‍ෂ 2ක් වැයවුණා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment