පකිස්ථානයෙන් පිටුවහල් කළ මාධ්‍යවේදියෙක් චරිතාපදානය එළිදක්වයි

155

පකිස්ථානයෙන් පිටුවහල් කරන ලද මාධ්‍යවේදියෙක් වන ටාහා සිද්දික් සිය චරිතාපදානය විකට චිත්‍ර කතා පොතක් ලෙස පසුගියදා ප්‍රංශයේ දී එළි දක්වා ඇත.ඩිසිඩන්ට් ක්ලබ් ලෙස එය නම්කර තිබේ. පකිස්ථානයේ හමුදාව සිදුකරන මානව හිමිකම් කඩ කිරීමේ සිද්ධීන් ගැන විදෙස් මාධ්‍ය තුනකට වාර්තා කිරීම නිසා තමාට පහරදීම් සහ පැහැරගෙන ගොස් තර්ජනය කිරීම් සිදුවූ බව ඔහු සිය පොත එළි දැක්වීමෙන් පසුව ප්‍රංශ 24 පුවත් සේවය සමග පැවැති වැඩසටහනකදී පැවසීය. මෙම පහරදීම් සහ පැහැරගෙන යාම පිටුපස පකිස්ථාන හමුදාව සිටින බව සිද්දික් පවසයි. පකිස්ථාන හමුදා සිදුකරන මානව හිමිකම් කඩ කිරීමේ සිද්ධීන් ගැන තමා ප්‍රංශ 24 පුවත් සේවය වෙත, නිව්යෝර්ක් ටයිම්ස් සහ ගාර්ඩියන් පුවත් සේවා වෙත පුවත් වාර්තා කිරීමත් සමග 2018 වසරේ දී තර්ජන එල්ල වීම ආරම්භ වූ බවද පවසයි.කටවහගෙන සිටිනා ලෙස තමාට පකිස්ථාන හමුදාව තර්ජනය කළ බවත් මරා දැමීමට උත්සාහා කළ බවත් පවසන සිද්දික් ඉන්පසු තමා පිටුවහල් කළ බවත් සදහන් කරයි.ඒ අනුව 2018 වසරේ දී තමා ප්‍රංශයට පැමිණි අතර ඒ සදහා තමා ප්‍රංශය සමග ඇති සබදතා උපකාර වූ බවත් පවසයි. මේවන විට තමා පකිස්ථානයේ ඝාතන ලැයිස්තුවේ සිටින අතර කිසි දිනෙක සිය මව් රටට යා නොහැකි බව ද සිද්දික් පවසයි.සරණාගතයෙක්, දේශපාලන රැකවරණය ලබන්නෙක් ලෙස දිවි ගෙවීම අපහසු බවත් එවැනි අය වෙනුවෙන් උපකාර කිරීමට පැරීසියේ ඩිසිඩන්ට් ක්ලබ් නමින් බාර් එකක් 2020 වසරේ දී තමා විවෘත කළ බවද සඳහන් කරයි. පකිස්ථානයේ පසුගිය සතියේ දී මිනිසුන් අතුරුදන් වීම් 15,000 වැඩි ප්‍රමාණයක් ගැන ස්වාධීන ආයතන විසින් ගණනය කර ඇතැයිද ඔහු පවසයි.ඔවුන් රහසිගත සිර ගෙවල්වල රදවාගෙන සිටින බවත් ඒ ගැන තම පොතේ තවත් කථාවක් ලෙස සදහන් කර ඇතැයිද පවසයි.

පකිස්ථානයේ ආගමික පවුලක් හැදී වැඩුණු සිද්දික්ට විකට පොත් ඇදීම සදහා පියාගෙන් අවසර හිමිවී නැත.පියා ඉතා ආගමිකයි.විකට පොත් සහ මිනිස් සිරුරු චිත්‍ර ඇදීම ඉස්ලාම් දහමේ අවසර නැතැයි පියා විශ්වාස කරන බව සිද්දික් සදහන් කරයි.

තමා වැනි පරිසරයක සිටි අයකුට සිදුවන්නේ කුමක්ද ගැන අන් අයට සොයා බැලීමට මෙලෙස තම චරිතාපදානය එළිදැක්වූ බවද වාර්තා සිද්ධියක් ප්‍රංශ 24 පුවත් සේවය සමග පැවති වැඩසටහනේදී වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment