බූස්ටර් කොරෝනා එන්නත් පළමු මාත‍්‍රාව ඇමරිකාවේ ජනාධිපති බයිඩන්ට

182

ඇමරිකා එක්සත් ජනපදයේ ශීඝ‍්‍රයෙන් පැතිරෙන ඩෙල්ටා ප‍්‍රභේදය හේතුවෙන් කොරෝනා එන්නත් මාත‍්‍රාවන් දෙකම ලබා ගත් වයස අවුරුදු 65ට වැඩි ඇමරිකානුවන්ට තුන්වැනි එන්නත් මාත‍්‍රාව (බුස්ටර්) ලබාදීමේ වැඩපිළිවෙළ අරඹමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පෙරේදා (27දා) සිය තුන්වැනි කොරෝනා එන්නත් මාත‍්‍රාව ලබා ගෙන තිබේ. ජනාධිපති බයිඩන් හට තුන්වැනි කොරෝනා එන්නත් මාත‍්‍රාව වශයෙන් ‘ෆයිසර්’ එන්නතේ මාත‍්‍රාවක් මෙහිදී එන්නත් කර තිබේ.

ඇමරිකාවේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය හා ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය මගින් ඉකුත් සතියේදී ඇමරිකා එක්සත් ජනපදයේ වයස අවුරුදු 65ට වැඩි හා විවිධ සංකූලතාවලින් පෙළෙන කොරෝනා එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් ජනගහනයට තුන්වැනි එන්නත් මාත‍්‍රාවක් ලබා දීම අනුමත කරනු ලැබීය. කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇමරිකාව ඇතුළු සංවර්ධිත බටහිර රටවලින් පසුගියදා විශේෂ ඉල්ලීමක් කරමින් පවසා ඇත්තේ දියුණු වෙමින් පවතින රටවල පවතින කොරෝනා එන්නත් හිඟය මගහැරවීම සඳහා තමන් සතුව පවතින අතිරික්ත කොරෝනා එන්නත් තොග අදාළ රටවලට සපයන ලෙසත් ඒ සඳහා ජනගහනයට තුන්වැනි කොරෝනා එන්නත් මාත‍්‍රාව ලබා දීම 2022 වසර දක්වා කල් දමන ලෙසයි. සෞඛ්‍ය සංවිධානයේ මෙම ඉල්ලීම විවේචනය කරමින් ජනාධිපති බයිඩන් පවසා ඇත්තේ ඇමරිකාව ලොව අනිකුත් රටවලට වඩා මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවයි.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment