උත්සව ශාලා සහ හෝටල් කර්මාන්තයේ නියැලි සිටින ලක්ෂ 15කට යන එන මං නැති වෙයි – මංගල්‍ය උත්සවවලට 150 දක්වා වැඩි කර අපිව රැක ගැනීමට රජය මැදිහත් විය යුතුයි

80

* සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාර සැපයීම්කරුවන්ගේ සංගමයේ සභාපති අතුල කළුආරච්චි

රටේ පැවැති කොරෝනා වසංගතය නිසා අපේ කර්මාන්තයට බාධා එල්ල වුණා. රජයද අපේ කර්මාන්තයේ වටිනාකමක් තක්සේරු කළේ නැහැ. මෙම කර්මාන්තයෙන් පුද්ගලයින් ලක්ෂ 15 ක් පමණ යැපෙන අතර පසුගිය මාස 18 තුළ මෙම කර්මාන්තය අඩාල වුණා.

සේවක වැටුප් ගෙවන්නත් අපහසු වුණා. අපේ කර්මාන්තකරුවන් දේපල පවා විකුණා කරදරයට පත් වුණා. රජයෙන් සුළු සහනයක් ලැබුනත් ගෙවීමේ කාලය මදි වූ නිසා අප කබලෙන් ලිපට වැටුණා.ඒ නිසා විවාහ මංගල්‍ය සඳහා සහභාගී කරවා ගත හැකි පුද්ගලයින් ගණන 150 දක්වා වැඩි කර සිය කර්මාන්තය ආරක්ෂා කිරීමට රජය මැදිහත් විය යුතු බව සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාර සැපයීම්කරුවන්ගේ සංගමයේ සභාපති අතුල කළුආරච්චි මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කළේ කඩවත-කිරිල්ලවල පිහිටි ආලකමන්දාව උත්සව ශාලාවේ 10 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදීය.එහිදී තවදුරටත් අදහස් දැක්වූ කළුආරච්චි මහතා මෙසේද කීය. විවිධ පුද්ගලයින් හා සෞඛ්‍ය ක්ෂෙත‍්‍රයේ යම් පිරිසක්ද පවසන පරිදි උත්සව ශාලා මගින් ජනතාව එකතු වීම නිසා රෝග ව්‍යාප්තවන්නේ යයි කීම අප ප‍්‍රතික්ෂේප කරන අතර සියලූ සෞඛ්‍ය නීතිරීතිවලට යටත්ව කටයුතු කරන බවද පැවසීය. අප ඉල්ලා සිටින්නේ විවාහ මංගල්‍යක දී උත්සව ශාලාවට සහභාගී වන පිරිස 150 දක්වා වැඩිකර දෙන ලෙසයි. මෙම මාධ්‍ය හමුවේදී භාණ්ඩාගාරික ජානක සිරිවර්ධන, උප භාණ්ඩාගාරික ප‍්‍රසන්න ජීවන්දර, හේමචන්ද්‍ර ජයකොඩි හා චමින්ද පෙරේරා යන මහත්වරුද අදහස් දැක්වූහ.

ගම්පහ සමූහ – සුසිල් රණමුක
 

advertistmentadvertistment
advertistmentadvertistment