ඉවක් බවක් නැතිව ලොකු ලූනු ආනයනයෙන් දේශීය ගොවියාට හුළං බොන්න වෙලා

164

රු. 180 ට තිබූ මිල 150 ට බැහැලා

මිල ඉහළ යාවි යැයි සිතා ලොකු ලූනු ගබඩා කර තිබූ තමන්ගේ බලාපොරොත්තු සුන් වී ඇති බව ගලේවෙල හා දඹුල්ල ප‍්‍රදේශවල ගොවීහු පවසති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රු. 180 දක්වා ඉහළ ගොස් තිබූ දේශීය ලොකු ලූනු කිලෝව හිටි හැටියේ රුපියල් 150 දක්වා පහළ බැස ඇති බව ගොවීහු පවසති. පසුගිය දිනවල ඉවක් බවක් නැතිව බලධාරීන් විසින් ලොකු ලූනු ආනයනය කිරීම මීට හේතුව බව ඔවුහු පෙන්වා දෙති.

ඒ අනුව කිලෝව රුපියල් 130 ත් 150 ත් අතර මිලකට ආනයනික ලූනු මිලට ගත හැකි බව ඔවුහු පවසති. ඒ අනුව ඉදිරියේදී දේශීය ලොකු ලූනු මිල තවදුරටත් ශීඝ‍්‍රයෙන් අඩුවීම නොවැළැක්විය හැකි බව ඔවුහු පෙන්වා දෙති. පසුගිය කාලයේ දේශීය ලූනු ගොවියාට සහනයක් ලබාදීමේ අරමුණින් රජය විසින් ආනයනික ලූනුවලට රුපියල් 40 ක බද්දක් පනවා තිබුණි.

නමුත් මේ වනවිට ගොවීන්ට ලැබී තිබූ සහනය නොලැබෙන බව ඔවුන් පෙන්වා දෙති. කෙසේ වෙතත් දේශීය ලොකු ලූනු ගොවියා ආරක්ෂා කිරීමට වහා පියවර ගත යුතු බව ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.

ගලේවෙල විශේෂ

advertistmentadvertistment
advertistmentadvertistment