පාළු ගොඩනැගිල්ලක දමා ගිය දරුවාගේ පියා අත්අඩංගුවට

847

දලුගම ප්‍රදේශයේ පාළු ගොඩනැගිල්ලක දමා ගොස් සිටියදී හමුවූ අවුරුදු එකයි මාස හතරක පිරිමි දරුවාගේ පියා, දරුවා කෲර ලෙස අත්හැර යෑම සම්බන්ධව අත්අඩංගුවට ගෙන මහර අංක 01 අධිකරණයේ මහෙස්ත්‍රාත් සමන් දිමුතු කුමාර පරණ ලියනගේ මහතා ඉදිරියට පමුණුවනු ලදුව ඔහු ද මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තැබීමට නියම කරනු ලැබීය.

කැලණිය ‘හිඹුටුවැල්ගොඩ ප්‍රදේශයේ පදිංචි තිස්තුන් හැවිරිදි තැනැත්තෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර කරන ලදී.

මෙම දරුවාගේ මවද මීට ඉහත අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවටද පොලිසිය විසින් අධිකරණයේ සඳහන් කර ඇත.

තවද මේ වනවිට අධිකරණ නියෝගය මත එම දරුවා බුත්පිටිය වීරසේකර ළමා සංවර්ධන නිවාසයට බාර දී තිබෙන බවත් පොලිසිය විසින් වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.

කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත කුමාර මහතාගේ උපදෙස් අනුව නඩු මෙහෙයුම් අංශයේ සැරයන් අරුණ කුමාර (27909), පො. කො. රත්නායක (90071) හා කුලසිංහ (10789) යන නිලධාරීහු විසින් සැකකාර පියා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment