නෝර්ටනබ්‍රිජ් දියගල මාර්ගයේ දී ප්‍රපාතයට පෙරළුණු බස් රථය ගොඩගනී

171

නෝර්ටන්බ්‍රිජ් දියගල මාර්ගයේ දී (19) දින අඩි 100කට අධික ප්‍රපාතයකට පෙරළී අනතුරට පත් බස් රථය හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් සංජීව ෆොන්සේකා මහතා ඉදිරියේ දී (20) දින ගොඩගනු ලැබූහ.

ඉකුත් (19) දින මහරගම ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනා පැමිණි වන්දනාකරුවන් පිරිසක් රැගෙන නල්ලතන්නිය සිට ආපසු මහරගම දක්වා බස් රථ ධාවනය කරන අවස්ථාවේ දී නෝර්ටන්බ්‍රි‍ජ් හුලං වංගුව ප්‍රදේශයේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීමෙන් එම බස් රථයේ ගමන් ගත් තරුණියන් දෙදෙනකු සහ තරුණයෙක් ජීවිතක්ෂයට පත් වී එම බස් රථයේ ගමන් ගත් තවත් 26 දෙනකු බරපතළ ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නිසා තුවාලකරුවන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට සහ මහනුවර, පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

එසේ මාරු කර යැවු තුවාලකරුවන් අතර බස් රථයේ රියැදුරා සහ කොන්දොස්තරවරයා ද සිටින බව අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන නෝර්ටන්බි්‍රජ් පොලිසිය කියා සිටි.

ඡායාරූප හා සටහන නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment