අන්තර්ජාලයෙන් කුණුහරුප පෙන්නූ ගම්බිරිගස්වැව තරුණයා අත්අඩංගුවට

524

අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය ඡුායාරූප ප‍්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පෙරේදා (1දා) තරුණයකු අත්අඩංගුවට ගත් බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්බිරිගස්වැව, පරසන්ගස්වැව, අනුරාධපුර ලිපිනයේ පදිංචි විසි එක් හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා ඊයේ (2 දා) අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment