සිහිලසින් ඔද වැඩුණු පාරිසරික කියැවුම තෙත් බිම්

347

පෙබරවාරි 02  – ලෝක තෙත්බිම් දිනය සමරමු

 තෙත්බිම් පිළිබඳව කථා කිරීමේදී තතු නොදත් බොහෝ දෙනෙක්ගේ මතය වන්නේ ජලය රැුඳී පල්වන දුගඳ හමන ගොහුරු බිම තෙත් බිම් ලෙසටය. එවැනි බිම් ගොඩ කරමින් විවිධ ඉදිකිරීම් සිදු කිරීම යෝග්‍ය බව එබඳු පුද්ගලයන්ගේ මතය වේ. නමුත් තෙත් බිම් වලින් සිදු වන නිහ`ඩ මෙහෙය, ප‍්‍රයෝජනයන් කෙබඳුදැයි යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ජනතා ගත කිරීම කාලීන වශයෙන් වැදගත් වන්නේ, වර්තමානය වන විට විවිධ සංවර්ධන කාර්යයන් අබිමුව ශීඝ‍්‍රයෙන් තෙත් බිම් විනාශ වෙමින් යන පරිසර පද්ධතීන් බවට පත් වෙමින් පවතින බැවින්ය. නමුත් තෙත් බිම් සංරක්ෂණයේ ඇති වැදගත්කම මිනිසා විසින් මනා කොට අවබෝධ කර ගනිමින් ඒවා රැුක ගැනීම සඳහා මූලිකත්වය ගෙන ක‍්‍රියාත්මක විය යුතු වන්නේ මිනිසා ශිෂ්ටාචාර ගත වීමේ මුල් අඩිතාලම තෙත් බිම් ඇසුරේ ස්ථාපනය වූ බවට අතීතයෙන් සාකෂි හමුවන බැවින්ය.

සිහිලසින් ඔද වැඩුණු පාරිසරික කියැවුම තෙත් බිම්

අපේ රටේ ඉතිහාසය පිළිබඳව ගවේෂණය කිරීමේදී ජනාවාස ගත ජන කණ්ඩායම් දෙකක් ගංගාධාර තෙත් බිම් ආශ‍්‍රිතව ජනපද ඉදිකර ගත් බවට පැහැදිලි සාක්ෂි හමුවේ. මහවැලි, මල්වතු, කලාඔය, වලවේ නදී නිම්නයන් ආශ‍්‍රිතව ව්‍යාප්තව සිටි යක්ෂ ගෝත‍්‍රික ජනතාව තෙත් බිම් ඇසුරේ ස්වකීය පැවැත්ම සහතික කර ගත් ආදි වාසී ජනපදවාසීන් ලෙස හැඳින්විය හැකිය. විජය කුමරුන්ගේ ලංකාගමනයෙන් ඉනික්බිතිව විජය ඇතුළු පිරිවරද මල්වතු ඔය දිගේ සුදුසු තැන් සොයමින් ස්ථාන ගත වෙමින් ජනාවාස පිහිටුවා ගත්තේ තෙත් බිම් ඇසුරේදී ස්වකීය පැවැත්ම තහවුරු කර ගත හැකි බවට තම මව් රට වන ජම්බු ද්වීපයෙන් ලද අත්දැකීම් අනුසාරයෙන් විය යුතුය. තමන්ගේ නිවැසි බිම් බවට පත්වූ තෙත් බිම් සතු අගය වටහාගත් ඔවුහු ගොවිතැනින්, සත්ව පාලනයෙන් ජීවිකාව සරි කර ගත් බවට අතීත සාක්ෂි හමුව ඇත.

 තෙත් බිම් සම්බන්ධව දක්වා ඇති විද්‍යාත්මක වූ අර්ථනිරූපණය සම්බන්ධවද මෙහිදී අවධානය යොමු කළ යුතුය? ස්වාභාවික හෝ කෘත‍්‍රිම, ස්ථීරව හෝ වසරේ යම් කාලසීමාවක්, ජලය රඳන, ගලායන හෝ නිසල ජලය සහිත මිරිදිය, කලපු දිය හෝ පහළ උදම් සීමාවේ මීටර් 06 ට අඩු කරදිය සහිත තෙත්, වගුරු, ජලාශ හා වෙරළ තීරය යන සියලූ පාරිසරික සාධක වලින් යුතු පාරිසරික කලාපය තෙත් බිම් ලෙස විද්‍යාත්මක පසුබිමක සිට නිර්වචනය කළ හැකිය.

 ලොව පුරා ව්‍යාප්තව ඇති තෙත් බිම් වළට සිදුවන මානව බලපෑම් කොතෙක්ද යත් තෙත් බිම්වල ආරක්ෂාව සහ සංරක්ෂණය සම්බන්ධයෙන් ගෝලීයව ක‍්‍රියාත්මක වීම වෙනුවෙන් ඒ හා සම්බන්ධ වන රටවල් තුළ ව්‍යාප්ත තෙත් බිම් වර්ෂ 1971 වසරේ ඉරානයේ රැුම්සා නගරයේදී පිහිටුවා ගත් රැුම්සා සම්මුතිය හරහා (Convention on Wetlands / Ramsar Convention) ආරක්ෂා කිරීමට සහ සංරක්ෂණයට අදාළව අවැසි පියවර ගැනීම සිදු විය. මුල් අවදියේ රටවල් කිහිපයක් පමණක් එක්වී ජලචර පක්ෂීන් සහ තෙත් බිම් සංරක්ෂණය කිරීමේ අරමුණින් පිහිටුවා ගත් රැුම්සා සම්මුතිය කෙරෙහි ලෝකවාසීන්ගේ අවධානය යොමු වීම ආරම්භ වූයේ 1971 පෙබරවාරි මස 02 වැනි දින ඉරානයේ රැුම්සා නගරයේ සංවිධානය වූ ජාත්‍යන්තර තෙත් බිම් සමුළුවට සමගාමීවය. අප රට තුළද රැම්සා සම්මුතියට අයත් තෙත් බිම් 06 ක් පිහිටා ඇත.

 01. බුන්දල ජාතික උද්‍යානය – ප‍්‍රකාශයට පත් කළේ 1990.06.15 වන දින හෙක්ටයාර් 6210 ක්

 02. ආනවිලූන්දාව අභය භූමිය – ප‍්‍රකාශයට පත් කළේ 2001.08.30 වන දින හෙක්ටයාර් 1397 ක්

 03. මාදු ග`ග අභය භූමිය – ප‍්‍රකාශයට පත් කළේ 2003.12.11 වන දින හෙක්ටයාර් 915 ක්

 04. වාන්කලේ අභය භූමිය – ප‍්‍රකාශයට පත් කළේ 2010.07.12 වන දින හෙක්ටයාර් 4839 ක්

 05. කුමන ජාතික උද්‍යානය – ප‍්‍රකාශයට පත් කළේ 2010.10.29 වන දින හෙක්ටයාර් 19011 ක්

 06. විල්පත්තුව ජාතික උද්‍යානය – ප‍්‍රකාශයට පත් කළේ 2013.02.02 වන දින හෙක්ටයාර් 165800 ක්

 තෙත් බිම් පරිසර පද්ධතීන් සංරක්ෂණය සහ එහි සම්පත් නැණවත් ලෙස පරිහරණය, තෙත් බිම් හඳුනා ගැනීම සහ ආරක්ෂා කිරීම, තෙත් බිම් සංරක්ෂණයේ ගුණාත්මක භාවිතය සඳහා ජාතික වශයෙන් ක‍්‍රියාකාරී රාමුවක් සකස් කිරීම සහ ඒ සඳහා අන්තර්ජාතිකව කලාපීය වශයෙන් සහයෝගය ලබා ගැනීමත් රැුම්සා සම්මුතියේ සාමාජික රටවල් සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු අතරට ඇතුළත්වේ. ඒ කරා යන ගමනේදී තම රටවල් ආශ‍්‍රිතව වාර්තා වන සංක‍්‍රමණික කුරුලූ විශේෂ ආරක්ෂා කිරීම, තෙත් බිම් සම්බන්ධව ගැටලූ ඇති වූ අවස්ථාවලදී ඒ පිළිබඳව සාකච්ඡා කර සහයෝගීව කටයුතු කිරීමද මෙහිලා මූලික වේ. සැබැවින්ම රට රටවල් එකට එකතු වී සම්මුතීන් කරා එළැඹෙමින් තෙත් බිම් ආරක්ෂා කිරීමට මුල් වන්නේ බැලූ බැල්මට නොපෙනුණත් විසල් වූ මෙහෙයක් තෙත් බිම් ආරක්ෂා කර සංරක්ෂණය කිරීම හරහා ගෝලීය වශයෙන්ද ඉටු වන බැවින්ය. අප රට තුළ පිහිටා ඇති පරිසර පද්ධතියක් තුළ එකිනෙකට වෙනස් වු තෙත් බිම් පාරිසරික තත්වයන්ගේ විවිධත්වයක් නිරීක්ෂණය කළ හැකිය. ඒවා නාමිකව වගුරු ස්වරූපයේ වනාන්තර, කඩොලාන, තලා, පිටාර තැනි, ගංගා මෝය, ඩෙල්ටා, උදම් ආදී ලෙස උදාහරණ ලෙස දැක්විය හැකිය. තෙත් බිම් බාහිර භෞතික පරිසරයට සාපේක්ෂව පහත් බිමක පිහිටා ඇත. තෙත් බිමක පාංශු සැකැස්ම ජලයෙන් සංතෘප්තය. තෙත්ය. වැඩිම කාලයක් ජලයෙන් සංතෘප්ත බිමේ එම තත්ත්වයටම අනුවර්තනය වු ශාක සහ සත්ව ප‍්‍රජාවක් ඊට අනුගත වෙමින් දින චර්යාව තහවුරු කරගෙන සිටියි.

 තෙත් බිම් පරිසර පද්ධතීන්ට එදිරිව ක‍්‍රියාත්මක මානව ක‍්‍රියාකාරකම් අතරේ මූලික වශයෙන් මුහුණදී සිටින්නේ අනවසර ඉදි කිරීම්, ගොඩ කිරීම්, අපද්‍රව්‍ය බැහැර කිරීම් ආදී වු මානව ක‍්‍රියාකාරකම් වලටය. ඇතැම් අනවබෝධී ව්‍යාපෘතීන් සඳහා තෙත් බිම් පරිසර පද්ධතීන් භාවිතයට ගැනීමද ලොව පුරා සිදු වන්නකි. වෙරළාශ‍්‍රිත තෙත් බිම් ලූණු ලේවායන් ආදිය තැනීමට යොදා ගනියි. කර්මාන්ත ශාලා ආදියෙන් නිකුත් වන කාර්මික අපද්‍රව්‍ය ආදී දෑ බැහැර කරනුයේද තෙත් බිම් වෙතටය. එනම් නාගරීකරණ කසළ ගබඩාව බවට පත්ව ඇත්තේ තෙත් බිම් පාරිසරික කලාපයන් වේ.

 තෙත් බිම් ආශ‍්‍රිත රැුකියාවල නිරත වන්නන් නොදැනුවත් කමින් මෙවැනි පාරිසරික කලාපයන් වනසයි. ඉස්සන් කොටු ඉදි කිරීමට දැව ද`ඩු සඳහා කඩොලාන ශාකත්, මසුන් කොටු තැනීමට අවැසි මස් අතුද කඩොල් වනාන්තර ආශ‍්‍රිතව සොයා ගනියි. තෙත් බිම් අවට කෘෂි කර්මාන්තයේ නිරත පුද්ගලයින් තෙත් බිම් ආශ‍්‍රිතව ගලා බසිනා දිය කඩිති තම තමන්ගේ ගොවිබිම් ඔස්සේ ගලා යන පරිදි සකස් කිරීම හරහා ඔවුන් විසින් ගොවි බිම් සඳහා භාවිතයට ගන්නා කෘෂි රසායනික ද්‍රව්‍ය, රසායනික පොහොර ආදිය පාංශු ජලයට මුසු වේ. තෙත් බිම් ආශ‍්‍රිත අවිධිමත් සංචාරක ව්‍යාපාරය හරහාද තෙත් බිම් ආශ‍්‍රිත ජලය ¥ෂණය සිදු වේ. දැවි තෙල් ආදිය බෝට්ටු ධාවනය හරහා ජලයට මුසු වේ. බෝට්ටු ගමන් මාර්ගයේ ඇති විශේෂිත ජලජ පැළැටී, මත්ස්‍ය විශේෂයන් විනාශ වීමට මෙය හේතුවකි.

 අප අවට ඇති තෙත් බිම් සුරක්ෂිතව පවත්වා ගෙන යා යුතු බව සැවොම අවබෝධ කර ගත යුතුය. නිසරු, ගොහොරු, මැසි මදුරුවන්ගෙන් ගහණ මඩ වගුරක් සේ සිතා එවැනි බිම් ගොඩ කිරිමට ප‍්‍රථම එවැනි බිම්වල ඇති ප‍්‍රයෝජනය සහ ඒ බිමේ ජිවත් වන ශාක සහ සත්ව ප‍්‍රජාවගේත් ජිවත් වීමේ අයිතිය පිළිබඳව සිතන්න. තෙත් බිම් සංරක්ෂණය සඳහා තමන්ට හැකි පමණින් දායක වීම හරහා අනාගතයේදී ඇති විය හැකි ආපදා තත්ත්වයන් අවම කර ගැනීමට හැකි වනු ඇත. තෙත් බිම් ඇතුළු සමස්ත සොබාදහමේ එබඳුම නිමැවුම් පිළිබදව මිනිසුන් විසින් අද දිනයේදී ගනු ලබන තීන්දු තීරණවල වැරදි නිවැරදිතාවය භුක්ති විඳීමට සිදු වනුයේ මතු පරපුරට වන බැවින් ඒ පිළිබඳවත් සිතා අවැසි කටයුතු කිරීම යහපත් බවත් සඳහන් කළ යුතුමය.

 සඳමාල් රශ්මි ශ‍්‍රී බුද්ධික
 ජෛව සංරක්ෂණ සංගමය
 රෆඞ් ආයතනය

advertistmentadvertistment
advertistmentadvertistment