කොළඹ මැයි රැලි 8ක්

230

කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රධාන පෙළේ මැයි රැලි 8ක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ‘දිවයින’ ට පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලිය බොරැල්ල කැම්බල් පිටියේ ද සමගි ජන බලවේගයේ රැලිය පිටකොටුව කෙසෙල්වත්ත ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේ දී ද ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය එෆ්. ආර්. සේනානායක මාවතේ පිහිටි නගර සභා ක්‍රීඩාංගණයේ දී ද එක්සත් සමාජවාදී පක්‍ෂයේ රැලිය ග්‍රෑන්ඩ්පාස් පිහිටි ක්‍රීඩාංගණයේ දී ද උත්තර ලංකා සභාගයේ මැයි දින රැලිය කොළඹ හයිඩ් පිටියේ ද නිදහස් වෙළෙඳ කලාප සේවක සංගමයේ රැලිය මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ දී ද පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී ද ලංකා බැංකු රැලිය කොම්පක්‍ඳ්ක්‍ඳවීදිය ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වේ.

මෙම සෑම මැයි දින රැලියකට ම උපරිම පොලිස් ආරක්‍ෂාවක් ලබාදෙන බව ද ඒ මහතා කියා සිටියේය.

මීට අමතරව දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ 30 වැනි ගුණ සමරු උත්සවයක් කෙසෙල්වත්ත අලුත්කඩේ පිළිරුව අසල දී ද බෝම්බ ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිවරයා ජීවිතක්‍ෂයට පත් වූ ආමර්වීදිය ස්මාරයක අසල දී ද මැයි 1 දා පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment