කුෂානි රෝහණධීර පාර්ලිමේන්තු මහලේකම් ධුරයට

346

පාර්ලිමේන්තු මහලේකම් ධුරය සඳහා වත්මන් කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම කර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ලබන 23 වැනිදා සිට ඇය පාර්ලිමේන්තු මහලේකම් තනතුරට පත් කර ඇත. පාර්ලිමේන්තු මහ ලේකම් ධුරයට පත්වන දෙවැනි කාන්තාව වන ඇය හරිගුප්තා රෝහණධීර මහතාගේ බිරිඳ වේ.

වත්මන් මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු මහලේකම් ධුරයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් කුෂානි රෝහණධීර මහත්මිය මෙම තනතුරට පත් වේ. මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය සම්බන්ධයෙන් ලබන සතියේ දිනෙක පාර්ලිමේන්තුවේදී මැති ඇමැතිවරුන් පැය දෙකක් අදහස් පළ කිරීමට ද නියමිතය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment