ශ්‍රී ලංකාව ජයග්‍රහණයට කඩුලු 3 ක් මෑතින්

162

බංග්ලාදේශය ලකුණු 243ක් ඈතින් තරගයේ අවසන් දිනය අද

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ජය ගැනීම සඳහා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 3 ක් මෑතින් සිටී.

ජයග්‍රහණය සඳහා ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් හඹා යන සත්කාරක බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඊයේ (02 වැනිදා) දිනය නිමා වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 268 ක් ලබා සිටියහ.

ඒ අනුව ජයග්‍රහණයට තවත් ලකුණු 243 ක් අවශ්‍යව සිටින බංග්ලාදේශ කණ්ඩායමේ නම් දැරූ සියලු පිතිකරුවෝ මේ වන විටත් ක්‍රීඩාගාරයට ආපසු හැරී ගොස් සිටිති.

ඊයේ දිනය නිමාවන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි අංක 8 පිතිකරු මෙහිදි හසන් මිරාස් ලකුණු 44 ක් සහ ටයිජුල් ඉස්ලාම් ලකුණු 10ක් ලබා සිටියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවෙනි ඉනිම සඳහා කඩුලු 7 ක් දැවී ලකුණු 157 ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටුවා බංග්ලාදේශය හමුවේ ලකුණු 511 ක ඉලක්කයක් තැබීය.

ශ්‍රී ලංකාව ජයග්‍රහණයට කඩුලු 3 ක් මෑතින්

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු දෙක ලකුණු 54 ක් තුළ දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනා සමත් වූ අතර නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ ලකුණු 94 දී තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ මොමිනුල් හක් ලකුණු 50 ක් ලබා සිටියදී ප්‍රභාත් ජයසූරිය හමුවේ දැවී ගිය අතර කමිඳු මෙන්ඩිස් විසින් ශකීබ් අල් හසන් ගේ සහ සහ්දාට් හුසේන්ගේ කඩුලු දෙක දවා ගන්නා ලදි.

නජ්මුල් හුසේන්ගේ කඩුල්ල සහ ලිට්න් දාස් ගේ කඩුල්ල ලහිරු කුමාරට හිමි විය.

ඊයේ දිනය නිමාවන විට පන්දු වාර 7 ක් පමණක් ක්‍රියාත්මක කර තිබූ කමිදු එහිදී ලකුණු 22 කට අදාළ කඩුලු 2 බිඳ දැමුවේය.

ලකුණු 102 කට කඩුලු 6 ක් ලෙස ඊයේ පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 57 ක් ලබා ගත්තේය.ඒ සඳහා පන්දු 74 කට මැතිව්ස් මුහුණ දී තිබූ අතර හතරේ පහර 5 ක් එල්ල කර තිබුණි.

ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවන විට ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 28ක් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 08 ක් ලබා සිටියහ.

චැතග්‍රොං පිටියේ පැවැත්වෙන මෙම තරගයේ අවසන් දිනය අද වේ.

ශ්‍රී ලංකාව ජයග්‍රහණයට කඩුලු 3 ක් මෑතින්
advertistmentadvertistment
advertistmentadvertistment