කොත්තු – රයිස් – බත් පැකට් මිල අඩු කිරීම කටින් විතරයි

129

පාරිභෝගිකයන්ගෙන් මැසිවිලි

ගෑස් මිල පහත හෙළීමත් සමග බත් පාර්සලය, කොත්තුව, ෆ්‍රයිඩ් රයිස්, කිරි තේ කෝප්පයේ මිල අඩුකළ බවට ආපන ශාලා හිමියන්ගේ සංගමය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කළ ද කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවල හෝටල්වල එම ආහාර හා කිරි තේ හිතු හිතූ අධික මිල ගණනට අලෙවි කරන බවට පාරිභෝගික ජනතාව චෝදනා කරති.

බත් පාර්සලය රුපියල් 350 ත් 400 ත් අතර මිලකටත් කොත්තුවක් රුපියල් 300 ත් 500 ත් අතර මිලකටත්, ෆ්‍රයිඩ් රයිස් එකක් රුපියල් 400 ත් 600 ත් අතර මිලකටත්, කිරි තේ කෝප්පයක් රුපියල් 120, 130, 140 ආදී මිලකටත් අලෙවි කරන බව ද ඔවූහු පවසති.

ඉහළ මිලට ආහාර අලෙවි කරන හෝටල් ගැන වහා සොයා බලා නීති මගින් කටයුතු කරන ලෙස ජනතාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලා සිටිති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment