මනූෂ අද සීඅයිඞීය හමුවට

236

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන පරීක්‍ෂණයක් සඳහා සමගි ජනබලවේගය පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (20 දා) කැඳවා තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික විගණන අංශය මගින් සිදුකරනු ලබන තොරතුරු ලබා ගැනීම සඳහා ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා හමුවට අද (20 දා) පෙරවරු 9.00 ට පැමිණෙන ලෙස ඒ මහතාට දැනුම්දී ඇත.

කෙසේ වෙතත් තමන් කැඳවා ඇත්තේ කුමන විමර්ශනයකට දැයි යන්න අනාවරණය නොකිරීම නිසා නීතිඥ උපදෙස් මත ඉදිරි පියවර ගන්නා බව මනූෂ නානායක්කාර මන්තී‍්‍රවරයා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ප‍්‍රකාශ කර තිබේ.

එම සටහන සම්පූර්ණයෙන් මෙසේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික අංශය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවෙහි පෙනී සිටින ලෙසට මා වෙත දැනුම්දීමක් කර ඇත. එහෙත් කුමන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කවරාකාරයේ විමර්ශනයක් සම්බන්ධයෙන් මා කැඳවන්නේද යන්න සඳහන් කර නැත.

විමර්ශන අධිකාරියක් විසින් සිදුකරනු ලබන ඕනෑම නීත්‍යානුකූල විමර්ශනයකට අදාළව සාක්‍ෂි ලබාදීමටත්, එකී පරීක්‍ෂණ ඉදිරියට ගෙන යෑමටත් මාගේ උපරිම සහාය ලබාදීමට සෑම විටම බැඳී සිටින බව සිහිපත් කරමි. එහෙත් සිදුවන විමර්ශන පිළිබඳ නිසි කරුණු දැක්වීමකින් තොරව කරනු ලබන කැඳවීමක් සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය උපදෙස් පැතිය යුතුව ඇත.

සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මැතිතුමන් සමග සාකච්ඡුා කර තිසත් විජයගුණවර්ධන සහ ෆර්මාන් කාසිම් යන ජනාධිපති නීතිඥවරුන්ගේ නීති උපදෙස් පරිදි ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බව එහි සඳහන් කර තිබේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment