මෙක්සිකෝවේදී ඔස්ට්‍රේලියානු සංචාරකයන් තිදෙනකු ඝාතනය කරලා

283

මෙක්සිකෝවේ සංචාරයක නිරතව සිටියදී අතුරුදන් වූ විදෙස් සංචාරකයන් තිදෙනකු මරා ළිඳකට දමා තිබියදී සොයාගෙන ඇති බව මෙක්සිකෝ බලධාරීන් විසින් නිවේදනය කර තිබේ. ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනකු හා ඇමරිකානු ජාතිකයකු මෙසේ මරා දමා ඇති අතර ඔවුන්ගේ හිසට වෙඩි තබා මරා දමා ඇති බව අනාවරණය වී තිබේ.

මියගිය තිදෙනාගේ සිරුරු ඔවුන්ගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ. මෙම පිරිස මෙක්සිකෝවේ එන්සෙනෙඩා ප්‍රදේශයට පිකප් රථයකින් යමින් සිටියදී කිසියම් පිරිසක් විසින් එම රථය පැහැර ගැනීමට උත්සාහ දරා ඇති අතර රථයෙහි සිටි පිරිස එයට විරෝධය පෑම නිසා ඔවුනට මෙසේ වෙඩි තබා ඇති බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ. මියගිය ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනා සහෝදරයන් බව හෙළිවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment