සඳේ කඳු බලන්න ‘වික්‍රම්’ යයි -දත්ත රැස් කරයි

486

ඉන්දීය ‘චන්ද්‍රයාන්-3’ අභ්‍යවකාශ යානය හරහා සඳට, ගොඩබැස්වූ ‘වික්‍රම්’ ගොඩබැස්වුම් යානය විසින් මුදා හැර ඇති ‘ප්‍රාග්‍යාන්’ රෝවර් යානය සඳ මත ඇවිදිමින් දත්ත රැස් කිරීම අරඹා ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

තත්ත්පරයට සෙන්ටිමීටරයක වේගයකින් ගමන් ගන්නා රෝද හයකින් සමන්විත ‘ප්‍රාග්‍යාන්’ යානය සඳ මත ඇවිදීම අරඹා ඇති අතර සඳෙහි කඳු ප්‍රදේශ හා ආවාට වටා සැරිසරමින් විශ්ලේෂණය කිරීම, පෘතුවියට, එවීමට අවශ්‍ය තීරණාත්මක දත්ත හා ජායාරූප එක් රැස් කරමින් සිටින බව මධ්‍යස්ථානය සඳහන් කරයි.

‘වික්‍රම්’ ගොඩබැස්වුම් යානය මගින් සිය උදර කොටසෙහි රඳවාගනිමින් සදෙගි දක්ෂිණ ධ්‍රැවය වෙත මුදා හැර ඇති ‘ප්‍රාග්‍යාන් රෝවර්’ යානය සඳ මත ඇවිදිමින් හිරු එළියට නිරාවරණය වී සිටින බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.

‘ප්‍රාග්‍යාන්’ යානය තබන සෑම පියවරකින්ම සඳ මත ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ මුද්‍රාව සලකුණු කරන බව ද එම යානය සන්නිවේදනය කරනුයේ වික්‍රම් යානය සමග පමණක් බව ද පෙන්වා දෙන එම මධ්‍යස්ථානය වික්‍රම් යානයට ලැබෙන තොරතුරු ඕර්බිටර් යානය හරහා පෘතුවියට එවන බවද අවධාරණය කරයි.

එමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment