සෝමාලියාවේ කාර් බෝම්බ දෙකක් පුපුරා සිය ගණනක් මරුට

214

සෝමාලියාවේ කාර් බෝම්බ දෙකක් පුපුරා යාමෙන් පුද්ගලයන් සියයකට අධික පිරිසක් මියගොස් තුන්සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එරට අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාර්ය බහුල වෙළෙඳ සංකීර්ණයක් අසල මෙම බෝම්බ දෙක සෙනසුරාදා පුපුරා ගොස් තිබේ. මෙම ප්‍රහාරය අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ඉස්ලාම් සංවිධානයක් සිදු කරන්නට ඇතැයි සෝමාලියානු ජනාධිපති හසන් ෂෙයික් මොහොමඩ් චෝදනා කරයි. එරට ගුරුවරුන් කතෝලික ආගම මූලික කරගත් පාසල් විෂය මාලාවක් භාවිතා කිරීමට විරෝධය පළ කරමින් මෙම ප්‍රහාරයන් එල්ල කරන්නට ඇතැයි ද සැක පහළ කරන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි..

advertistmentadvertistment
advertistmentadvertistment