2026 දක්වා පොලිය 9%ක් වන ලෙස අර්ථසාධක පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

71

වර්ෂ 2023 සිට වර්ෂ 2026 දක්වා කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලේ දායකත්ව මුදල් මත හිමිවන වාර්ෂික පොලී අනුපාතය සියයට 9 ක් විය යුතු පරිදි සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුව මෙසේ අනුමැතිය ලබාදී තිබේ.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල සතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට ලක්වීම තුළින් අර්ථසාධක අරමුදල් සාමාජිකයින්ගේ විශ්‍රාමික ගෙවීම්වලට සහ ප්‍රතිලාභවලට බලපෑමක් නොවන අයුරින් එකී ගෙවීම් සහ ප්‍රතිලාභ තහවුරු කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment