ශාෆ්ටර්ගේ මරණය ගැන තීන්දුව පංච පුද්ගල වෛද්‍ය කමිටු වාර්තාව ලැබීමෙන් පසු

187

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය කෙලෙස සිදුවූයේ දැයි තීන්දුව විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත පංචපුද්ගල කමිටු වාර්තාව තම අධිකරණයට ලැබීමෙන් පසුව නිකුත් කරන බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (08) දැනුම් දුන්නාය.

මරණකරුගේ හා ඔහුගේ මවගේ රුධිර සාම්පල් ලබාගෙන සිදුකළ ඩී.එන්.ඒ වාර්තාව එකිනෙකට ගැළපෙන බව බොරැල්ල ජින්ටෙක් ආයතනය වාර්තාකොට ඇතැයිද අතිරේක මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් දැනුම් දුන්නාය.

තම අධිකරණය විසින් මරණය සිදු වූ ආකාරය නිශ්චිත කරගැනීම සඳහා පත්කළ කමිටුව තවත් සාකච්ඡා වටයක් පැවැත්විය යුතු බවට දැනුම් දී ඇතැයි පෙන්වා දුන් අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට දින නියම කළාය.
ඒ. ජේ. ඒ අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment