මෙන්ඩිස් සහ ඇඹුල්දෙණිය ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණයට ළං කරති

547

රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණියගේ දඟ පන්දුව හමුවේ ගාල්ල ජාත්‍යන්තර පිටියේදී යළිත් වරක් අසරණ වූ කොදෙව් කණ්ඩායම් ශී‍්‍ර ලංකාව සමගින් කි‍්‍රයාත්මක පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (24 වැනිදා) නිමාවට පත්වෙද්දී සිය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 6ක් දැවී ලකුණු 52ක් ලබා සිටියේය. එ් අනුව ලකුණු 348ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹායන සංචාරක කොදෙව් කණ්ඩායම අද දිනයේදී (24 වැනිදා) කඩුලූ 4ක් ඇතැතිව තවත් ලකුණු 296ක් පිටුපසින් පසුවේ.

මෙන්ඩිස් සහ ඇඹුල්දෙණිය ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණයට ළං කරති

තරගයේ ජයග‍්‍රහනය සඳහා ශී‍්‍ර ලංකාවෙන් හිමිවූ ලකුණු 348ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායෙම් පළමු කඩුලූ 06 මුළු ලකුණු 18දී බිඳ දැමීට රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් අඹුල්දෙණිය සමත්විය.

 කොදෙව් දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් කේ‍්‍රග් බ‍්‍රැත්වෙයිට් ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට රමේෂ් මෙන්ඩිස් සමත්විය. එ් අනුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව බ‍්‍රැත්වෙයිට් දැවී යද්දී අනෙක් අන්තයෙන් කි‍්‍රයාත්මක වූ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ සුපිරි උඩපන්දු රැුකීමකින් ජර්මේන් බ්ලැක්වුඞ් ලකුණු 09කට පිටියෙන් ඉවත්වී ගියේය.

 ෂායි හෝප් ඊයේ දිනයේදී රමේෂ් මෙන්ඩිස්ගේ  ගොදුරක් බවට පත්ව ලකුණු 3කට පිටියෙන් ඉවත් වෙද්දී රොස්ටන් චේස් එක් ලකුණකට ඇඹුල්දෙණිය හමුවේ දැවී ගියේය. අනතුරුව පිට පිටම පන්දු දෙකකදී කයිල් මාර්ස් සහ ජේසන් හෝල්ඩර් දවා ගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ජයග‍්‍රාහි මාවත විවර කරදීමට රමේෂ් මෙන්ඩිස් සමත්විය.

 ඊයේ දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම කී‍්‍රඩා කමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලූ 9ක් දැවී ලකුණු 224ක් ලබා සිටියේය. එ් අනුව ඊට තවත් ලකුණු 6ක් පමණක් එක් වෙද්දී කොදෙව් පළමු ඉනිමේ අවසන් කිරීමට ප‍්‍රවීන් ජයවික‍්‍රම සමත්විය.

 ලකුණු 118ක පළමු ඉනිමේ වාසියත් සමගින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 40ක් තුළදී කඩුලූ 4ක් දැවී ලකුණු 191ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කළ දිමුත් කරුණාරත්න ඊයේ දිනයේදී ලකුණු 83ක් වාර්තා කළේය. පන්දු 104ක් පමණක් වැය වූ එම ඉනිමට හතරේ පහර 09ක් ඇතුළත් විය. ශී‍්‍ර ලංකා පළමු ඉනිමේදී අසාර්ථක වූ ඇන්ජලෝ මැතිව්ස් ඊයේ දිනයේදී සංයමයෙන් යුතුව පිති ප‍්‍රහාරයේ යෙදෙමින් ශී‍්‍ර ලංකා ඉනිම අත්හිටුවීමේදී ලකුණු 69ක් ලබා නොදැවී කඩුල්ලේ රැුඳී සිටියේය. පන්දු 84ක් වැය වූ එම ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර දෙකක්ද ඇතුළත් විය.

මෙන්ඩිස් සහ ඇඹුල්දෙණිය ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණයට ළං කරති

advertistmentadvertistment
advertistmentadvertistment