අරවින්දට විශිෂ්ටතම හිස් වැස්ම

498

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වා කොදෙව් හිටපු සුපිරි ක්‍රීඩක ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් අතින් එම ගෞරව සම්මානයට අදාළ සමරු හිස්වැසුම පෙරේදා (15 වැනිදා) ලබා ගත්තේය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2023 වසරට අදාළව නම් කරන ලද විශිෂ්ටතමයන් තිදෙනා ට අරවින්ද ද සිල්වා, විරේන්ද්‍ර ෂෙවාග් සහ ඩයනා එඩියුල්ජි යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇතුළත් වූහ.

අරවින්ද ද සිල්වා ට අමතරව මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ද මීට පෙර එම ලැයිස්තුවට ඇතුළත්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment