අයවැය ඉලක්ක සපුරා ගැනීම අභියෝගාත්මකයි – ෆිච් රේටිංග්ස් කියයි

138

ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතියට පත්වීමක් අපේක්ෂා කළ හැකි වුවද 2024 වසර සඳහා අයවැයෙන් දක්වා ඇති ඉලක්ක සපුරාගැනීම අභියෝගාත්මක වනු ඇති බව ජාත්‍යන්තර ණය ශ්‍රේණි ආයතනයක් වන ෆිච් රේටිංග්ස් පවසයි.

මෙවර අයවැයනේ බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදනය නොමැතිව වුවද 2024 අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.1 ක් බවට ශ්‍රී ලංකාව කර ඇති ඇස්තමේන්තුව ඊට වඩා වැඩි විය හැකි බව එම ආයතනය කියයි.

ෆිච් රේටිංග්ස් පවසන්නේ ආදායම් සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය උපකල්පනය කර ඇති මට්ටමට වඩා පහළ අගයක් ගනු ඇති බවයි.

2024 දී රජයේ ආදායම් සැලකිය යුතු අවදානමක පවතින බව ෆිච් රේටිංග්ස් සඳහන් කරන්නේ 2023 මුල් මාස 09 තුළ දී ශ්‍රී ලංකාව ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා ආදායම් රැස් කිරීම සියයට 29 කින් අඩු වී තිබීම හේතුවෙනි.

කෙසේ වෙතත් අධිකාරීන් විසින් 2024 ආදායම සියයට 45 කින් පමණ ඉහළ නංවා ගැනීමට ඉලක්ක කර ඇත. ඒ සඳහා එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 18 ක් දක්වා ඉහළ නැංවීම ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා සහාය දක්වනු ඇති බව ෆිච් රේටිංග්ස් තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment