මගීන්ගේ ගමන් මලු ඉස්සූ සොරා ලැප්ටොප් සහ ජංගම දුරකථන සමග අත්අඩංගුවට

278

බස්රථ සහ දුම්රිය මගීන්ගේ ගමන්මලු සහ ජංගම දුරකථන සොරා ගන්නා පුද්ගලයකු ලැප්ටොප් සහ ජංගම දුරකථන 37 ක් සමග පසුගියදා අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය පවසයි.

දුම්රිය සහ බස්රථවල රාක්ක මත ගමන් මලු සහ ලැප්ටොප් සහිත බෑග් තබා නිදාගන්නා මගීන් සහ වෙළෙඳසැල්වල තබන ගමන් මළු ඉලක්ක කරගනිමින් සැකකරු සොරකම් සිදුකර ඇති බව වැටලීමට එක්වූ නිලධාරියෙක් කීය.

සැකකරු විසින් සොරකම් කළ ජංගම දුරකථන 32 ක් සහ ලැප්ටොප් යන්ත්‍ර 5 ක් සොයාගත් බවත්, ඔහු අත්අඩංගුවට ගන්නා මොහොතේ කුඩා ප්‍රමාණයේ හෙරොයින් මත්කුඩු පැකට් කිහිපයක්ද තිබූ බවද පොලිසිය කීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.

අධ්‍යක්ෂ (වැ.බ.) සහකාර පොලිස් අධිකාරී යූ. ඩී. එල්. ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පො.ප. තිලංග සංජීව මහතාගේ මෙහෙයවීමෙන් උ.පො.ප. වරුන් වන උපුල් හර්ෂ සහ කේ. එම්. ඩී. මධුෂාන්, පො.සැ. වරුන් වන ගුනේන්ද්‍ර (55301), ප්‍රසන්න (69479), ජයසුරිය (69615), පො.කො. වරුන් වන තුෂාර (79335), අංජුල (98857) වැටලීමට එක්වූහ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment