ආබාධිත අයට ලංගම බස්වලදී ප්‍රමුඛතාව දෙන චක්‍රලේඛයක් නිකුත් කරනවා – ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති කියයි

30

සුදු සැරයටි සමග පැමිණෙන විශේෂ අවශ්‍යතාවන් සහිත පුද්ගලයන් සිටින ස්ථානවලදී ලංගම බස්රථ නවත්වා ඔවුන් ඒවාට ඇතුළත් කර ගැනීමට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මඩකළපු ප්‍රදේශයේ පැවැත්වූ විශේෂ රැස්වීමකදී මෙම කරුණු අනාවරණය කළේය.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වැඩියෙන් සිටින මඩකලපු නාවිඩ්කුඩා ප්‍රදේශයේදී අති විශේෂ තාක්ෂණයක් යොදවා වර්ණ සිග්නල් පද්ධතියක් විවෘත කරමින් ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මෙම කරුණු අනාවරණය කළේය.

ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ උත්සවයේදී විශේෂ ආබාධිත පුද්ගලයන් කරන ලද පැමිණිල්ලකට අනුව මින් පසුව සුදු සැරයටි සමග පැමිණෙන විශේෂ අවස්ථාවන් සහිත පුද්ගලයන් ළඟ ලංගම බස්රථ නවත්වා ඔවුන්ව එහි ඇතුළත් කර ගැනීමට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, රාජ්‍ය සංවර්ධන නිර්මාණ

සංස්ථාවේ සභාපති එස්. එම්. කුෂාන් දේවින්ද යන මහත්වරුන් ඇතුළු ප්‍රභූවරුන් කීප දෙනෙක් සහභාගි විය. මෙම සංඥා සඳහා රු. ලක්ෂ 11 ක මුදලක් ප්‍රවාහන අමාත්‍යාංශය මගින් වැයකර තිබුණි.

කාත්තංකුඩිය – සිහාරා ලතීෆ්

advertistmentadvertistment
advertistmentadvertistment