පනත් කෙටුම්පත් කිහිපයකට කථානායක අනුමැතිය

71

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද පනත් කෙටුම්පත් කිහිපයකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කොට තිබේ.

ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පතට, විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට සහ ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාතග කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයා පසුගියදා සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව, ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත 2023 අංක 11 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත ලෙසත්, විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත 2023 අංක 12 දරන විසර්ජන (සංශෝධන) පනත ලෙසත්, ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත 2023 අංක 13 දරන ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාතග කිරීමේ) (සංශෝධන) පනත ලෙසත් 2023 අගෝස්තු 21 දින සිට බලාත්මක වේ.

රනිල් ධර්මසේන සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment