අද පිදුම් ලබන ‘දිවයින’ තක්සලාවේ දිසාපාමොක්

227

එඩ්මන්ඩ් රණසිංහ නමැති පත්තර කලාවේ යුග පුරුෂයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (3) සවස ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන කෘතහස්ත පුවත්පත් කතුවර එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ යුග මෙහෙවර ඇගැයීම හා ‘එඩ්මන්ගේ පත්තර විප්ලවය’ කෘතිය ජනගත කිරීම නිමිත්තෙන් මෙම ලිපිය පළවෙයි.

ඉතා දිගු ඉතිහාසයකට නෑකම් කියන ශ්‍රී ලංකාවේ පුවත්පත් අතර ‘දිවයින’ පුවත්පතට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. ජාතියේ සංස්කෘතික හැඩගැස්ම මෙන්ම ඉතිහාසයද ඔපවත් කළ පැහැපත් කළ මතු අනාගතයේ පහළවන ජන කොට්ඨාස තුළ අභිමානය වර්ධනය සඳහා දිවයින මගින් සිදුකළ කාර්යභාරය එතෙක් පහළවූ කිසිදු පුවත් පතකට වඩා ඉහළින්ම වැජඹෙමින් නැගී සිටින්නීය. මෙකී කාර්ය භාරය උදෙසා ඉතා දිගු කාලයක් පුවත්පත් කලාව වෙනුවෙන්ම දිවි ගමන වෙන්කොට සිටි දිවයින සමාරම්භක කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහත්මා මේ අවස්ථාවේ සිහිපත් කරනුයේ දැඩි භක්ත්‍යාදරයකිනි.

අද පිදුම් ලබන ‘දිවයින’ තක්සලාවේ දිසාපාමොක්

අපවත් වී වදාළ දිඹුලාගල නාහිමියන් බැහැදැකීමට රණසිංහ මහතා එම පුදබිමට ගිය අවස්ථාවක ලියුම්කරු සමඟ…..

මගේ මතකයේ හැටියට ඔහු මට හමුවූයේ 1969 වසරේ මා ලේක්හවුසියට ඇතුළුවූ කාලයේය. ඔහු එකල දිනමිණ කර්තෘ මණ්ඩලයේ ප්‍රාදේශීය කර්තෘවරයා වශයෙන් කටයුතු කළේය. එහෙත් එදා පැවැති රජය මගින් ලේක්හවුසිය රජයට පවරා ගනිද්දී ඔහු දිනමිණේ සිටි සියලු තානාන්තර වලින් ඉවත් විය. එයට තමන් අකමැතිබව ප්‍රකාශ කිරීමට වෙනත් කරුණක් නොවූ හෙයිනි. රැකියාවක් නැතිව ජීවත්වීමට තරම් ආදායමක් ඉහටත් උඩින් තිබුණත් පත්තර කලාවට සහ ජාතියට ආගමට තිබූ ඇප කැපවීම නිසා ඔහු සිංහල බෞද්ධයා පුවත්පතේ කටයුතු කිරීමේ වගකීම බාරගත්තේය.

වසර දෙකතුනක් ඉක්ම යන්නට මත්තෙන් බලයට පැමිණි ජනාධිපති ජයවර්ධනගේ පාලන කාලයේ ඔහුගේ ආරාධනයෙන් යළිත් ලේක්හවුසියට පැමිණි එඩ්මන්ඩ් රණසිංහ මහතා සිළුමිණ කතුවරයා ලෙස කටයුතු කරන්නට පටන්ගත්තේය. දිනමිණට අල්ලපු වැටේ සිටි රණසිංහ මහතා සමඟ නිරන්තරව සම්බන්ධවී පාලන අධිකාරියට ඔහු ලවාම අවසර ගෙන සිළුමිණට මා ගියේ දැඩි කැමැත්තකිනි. සෑම පුවත්පතකම කර්තෘවරයන්ගේ අභිප්‍රාය වනුයේ තම පුවත්පතේ අලෙවිය වැඩිකර ගැනීමය. ඒ සඳහා ඔවුහු විවිධ උපක්‍රම භාවිත කරති. මා යෝජනා කළේ අපේ දේශපාලන ඉතිහාසයේ අප අසා ඇති යුගය මහා වීරකම් කළ ත්‍රාසජනක සිද්ධීන් වලට මුහුණ දුන් හිටපු අගමැතිවරයකු වන සර් ජෝන් කොතලාවල මැතිතුමා එවකට විශ්‍රාම සුවයෙන් රත්මලාන සිය නිවසේ සිටින බවයි. එම සිදුවීම පිළිබඳව මා සඳහන් කරන්නේ ත්‍රාසයෙන් ප්‍රීතියෙන් සිනාවෙන් කියවා නිම නොකළ හැකි රසාස්වාදයක් ඉන්ලද හෙයිනි.

අද පිදුම් ලබන ‘දිවයින’ තක්සලාවේ දිසාපාමොක්

දිනපතා දිවයින පත්‍රයේ මුල්ම කලාපය – දිවයින ඉරිදා සංග්‍රහයේ මුල්ම කලාපය

දිනමිණේ වසර දොළසක් කටයුතු කළ මම පාලන අධිකාරියේ අවසරය ලැබ සිළුමිණ පුවත්පතට ගියේ අතිශය සතුටට පත්වෙමිනි. කලක සිට අප දෙදෙනා සතුව පැවැති ලෙන්ගතුකම නිසා අමුතු තාලයේ දේශපාලන චරිත හැඳින්වීමට අපි තැත් දැරුවෙමු. විශ්‍රාමිකව දේශපාලන කරලියෙන් ඉවත්ව සිටි සර්ජෝන් කොතලාවල හිටපු අගමැතිවරයා පිළිබඳව මෙරට කිසිවෙකු නෑසූ කථා පුවත් එකෙන් එක දිගහැරෙද්දී සිළුමිණ පුවත්පතේ අලෙවි මට්ටම සියයට තිහකින් වැඩිවන්න පටන් ගති. ඉන් අනතුරුව අප දෙදෙනා ගමන් ගත්තේ දශක කිහිපයකට පෙර මෙරට පහළ වූ අධිරාජ්‍ය විරෝධී මහ දිසාව කෙනෙකු වූ මඩුවන්විල දිසාවගේ තොරතුරු සොයා බැලීමටය. ඒ ගමන ගොස් අතරමගදී අප ගමන්ගත් සිළුමිණේ වාහනය ඇබැද්දියකට මුහුණපෑවේ ඉන්ධන හමාර වීමෙනි.

අද පිදුම් ලබන ‘දිවයින’ තක්සලාවේ දිසාපාමොක්

අපේ ඡායාරූප ශිල්පී ඩී. බී. ලියනගේ එක පැත්තකටත් රණසිංහ මහතා තවත් පැත්තකටත් මම තවත් පැත්තකටත් ගියේ කොතනින් හෝ ඉන්ධන ටිකක් සොයා ගැනීමටය. කාර්යාල හැඳුනුම්පත පෙන්වා මම අපට පිහිට වැන්නැයි ඉල්ලා සිටියෙමි. ‘මේ අපේ සර් ජෝන් ගැන ලියන මහත්තයනේ ඒ දවස්වල කොතලාවල මහත්තයා පනාමුරේ ඇත්ගාල බලන්න යනකොට මාත් එක්කගෙන ගියා. මෙන්න මහත්තයො අද පළාතෙම ෂෙඩ් වහපු දවස වුණත් මම හංගල තියපු පෙට්‍රල්වලින් හැතැක්ම තිහ හතළිහක් යන්න පුළුවන්. රණසිංහ මහත්තයා මහ හඬින් සිනා සුනේ ඔහුට සුපුරුදු දරාගත නොහැකි සතුටින් ඉල්පෙමිනි.

මේ ඉහත කී පුවත් කීපය සඳහන් කළේ මෙම පුවත්පත් කලාවේදියා අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අභිනන්දනයට පත්වන හෙයිනි.

සිළුමිණ පුවත්පතේ වැඩකරමින් සිටියදී මහ කොළඹ ආර්ථික කොමිසමේ කටයුතු කරමින් නිතර නිතර සිදුවන අළුත් තොරතුරු අප වෙත රැගෙන ආයේ එහි අධ්‍යක්‍ෂණ ජනරාල් උපාලි විජයවර්ධන මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරිවරයා වූ විජිත යාපා මහතාය. (පසුව දි අයිලන්ඩ් පුවත් පතේ කතුවරයා වූයේ ඔහුය.) කලක් තිස්සේ සමාජයේ සිදුවන විවිධ අක්‍රමිකතා පිළිබඳව රටට හෙළි කරන බලපෑම ජනතාව ඉදිරියේ හෙළිකරදීමට කිසිදු පුවත්පතක් කටයුතු නොකරන හෙයින් නිදහස් පුවත්පතක ඇරැඹීම උපාලි විජයවර්ධන මහතාගේ සිහිනයක් විය. එය සැබෑකර ගැනීමට විජයවර්ධන මහතා උත්සාහ ගනිමින් සිටියේය.

අද පිදුම් ලබන ‘දිවයින’ තක්සලාවේ දිසාපාමොක්

දිවයින නව නිවහනට ගොඩ වැදුණු දා කිරි උතුරවද්දී රණසිංහ මහතා, දයාරත්න රණසිංහ, මෙරිල් පෙරේරා, ගයිරුක පේරුසිංහ සමඟ….

ඒ සඳහා වගකීම භාරදීමට සුදුස්සෙක් සොයන මොහොතක මම එතුමන් හමුවීමට ගියේ ලේක්හවුසියේ ‘සිළුමිණ’ පත්තරයේ සම්මුඛ සාකච්ඡාවකටය. එහිදී විජයවර්ධන මහතා තම අදහස මට ඉදිරිපත් කළේය. එඩ්මන්ඩ් රණසිංහ හා උපාලි විජයවර්ධන හමුවීම හා ඉන් ඉක්බිතිව ‘දිවයින’ ඇරැඹීම එම හමුවේ පසුකාලීන ඵලදැරූ ප්‍රතිඵල බවට පත්වුණේය. මේ අතර අලුත් පත්තරයකට සුදුසු කටයුතු ඇරැඹීමට ජයවර්ධන මහතා මහා බි්‍රතාන්‍යයේ සුප්‍රසිද්ධ පරීක්‍ෂණ කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගත්තේය. මැලේසියාවේ කොකෝ රජ්ජුරුවන් ලෙස ජනප්‍රිය අන්වර්ත නාමයකින් යුක්තව සිටි විජයවර්ධන මහතා මෙරට පුවත්පතක් ආරම්භ කරන බව ලොව පුරා ප්‍රචලිත විය. එක්දහස් නමසිය අසූඑක අවුරුද්දේ ඔක්තෝබර් හතර වෙනි දින ‘දිවයින’ කළ එළි බැස්සේය. ඒ සඳහා තම බලඇණිය ලෙස කර්තෘ මණ්ඩලයට මාද ඇතුළුව දයාසේන ගුණසිංහ, මෙරිල් පෙරේරා, උපාලි තෙන්නකෝන්, ගාමිණී සුමනසේකර, දයාරත්න රණසිංහ, ධර්මරත්න විජේසුන්දර, ස්ටැන්ලි ප්‍රේමරත්න, විමල් වීරසේකර, සුනිල් මාධව ප්‍රේමතිලක, ටියුරින් වීරසිංහ, අසෝක ගුණතිලක ප්‍රකට කාටූන් ශිල්පී ඩබ්.ආර්. විජේසෝම, ශාන්ත කේ හේරත්, විනී හෙට්ටිගොඩ ආදී තවත් බොහෝ පිරිසක් එක්ව සිටියහ. එමෙන්ම පත්තර කන්තෝරුවේ සෙසු අංශවලට උපාලි විජයවර්ධන මහතා තෝරා ගත්තේ වෘත්තීය නිපුණතාව පිළිබඳ කීර්තිමත් දක්ෂ උදවියයි.

එඩ්මන්ඩ් රණසිංහ මහතා පුවත්පත ජනප්‍රිය කරවීමට කදිම උපායක් යෙදුවේය. පළමු පුවත්පතේ මුල්ම මාතෘකාව වශයෙන් මා සමඟ හිටපු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හමුවීමට ගිය ගමනේදී එතුමිය එදා දේශපාලනයේ පැවැති සුවිශේෂ සිදුවීමක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොන්කර පැත්තකට දමා සිටි මෛත්‍රීපාල සේනානායක මහතාත් මුල්කරගත් ‘කවුරු ගත්තත් මෛත්‍රී ගන්නේ නෑ’ දිවයින ඉරිදා සංග්‍රහයේ මංගල කලාපයේ ප්‍රධාන සිරස්තලය වූයේ මා ලියූ පුවතයි. 1982 පෙබරවාරි 01 වැනිදා එළිදුටු දිනපතා දිවයින පත්‍රයේ මුල්පිටුවේ සිරස්තලය වූයේ ‘පඩි වැඩිවන අලුත් ක්‍රමයට විරුද්ධයි’ මැයෙන් ධර්මරත්න විජේසුන්දර ලියූ ප්‍රධාන පුවතයි. අළුයම සුභ මොහොතින් මුද්‍රණයට ගිය පුවත්පත රැයක් මුළුල්ලේ මුද්‍රණය වෙමින් පිටපත් දෙලක්ෂ පණස් දහස ඉක්මවා තිබිණි. දිවයින බිහිව දින කිහිපයකට පසු අලුතින් බිහිවූ ‘සිංහල බල මණ්ඩලය’ නමැති ජාති හිතෛෂී බලවේගය සිංහලයට සිදුවී ඇති රජයේ අකටයුතුකම් හෙළි කරමින් අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වෙත සත්‍ය ක්‍රියාවක නිරතවීමට ගිය සිංහල බලවේගයේ පිරිස මැර තර්ජනයට ලක්වන්නට විය. මෙම රිය පෙරහැර ඉදිරියේම ගමන්ගත්තේ ‘දිවයින’ බැනරය සහිත කාර්යාලයීය වාහනයයි. එහි ගමන් ගත් අප කණ්ඩායමට කිහිප විටකදී තර්ජන ගර්ජන එල්ලවිය.

ලොවම පිළිගත් කර්තිධර විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර ශිෂ්‍යයකු වශයෙන් කේමිබි්‍රජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් ලබා සිටි ලබුදූවේ සිරිධම්ම නාහිමියන් වහන්සේ වැඩමකොට සිටි ගැටබේ රාජෝපවනාරාම පන්සලේ සිටි ස්වාමීන් වහන්සේලාට දාන මාන පිළිගැන්වීම වැළැක්වීම සඳහා කටුකම්බි ගැසීය. දින දෙකකට පමණ පසු හදිසියේ සිරිධම්ම හිමියන් අපවත්වූහ. එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ නිවසට නාඳුනන පුද්ගලයකු පෙට්‍රල් බෝම්බයක් ගසා තිබුණි. එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ ජීවිතය ඉන් ගැලවුණි.

එක්දහස් නමසිය අසූදෙක වර්ෂයේ දිනපතා ‘දිවයින’ පුවත් පතේ පළමු පියවර ආරම්භ වූයේ නිදහස් දිනයකවීම තවත් විශේෂ දෙයකි.

එඩ්මන්ඩ් රණසිංහ මහතා මෙරට ජනතාවගේ ගෞරවාදරයට ලක්වූ දිඹුලාගල නායක හාමුදුරුවන් වහන්සේගේ මෙහෙවරට ශක්ති පමණින් උදව් උපකාර කිරීමට කටයුතු යෙදීය. එහිදී උන්වහන්සේ අප කාර්යාලයට පැමිණ අපූරු රංගනයක යෙදුණි. අත් – පා කැඩුණු පිරිසක් වෑන්රියේ සිටි අතර කවුද මාත් එක්ක ජේ. ආර්. හම්බවෙන්න එකට යන්න එන්නෙ කියා කෙලින්ම ගියේ ජේ. ආර්. ගේ නිවස ඉදිරියේ ඇති තාප්පය අසලටය.

‘මම මේ මහ එකාටමයි කියන්න ආවේ.. අපේ කොල්ලන්ගේ අතපය කඩලා. ඒ පැත්තේ සිංහලයෝ ඒ පැත්තේ පදිංචි කරනවට විරුද්ධ එකෙක් තමයි මහ උන්නැහෙට මේ ලණුව දීලා තියෙන්නේ. ඒක කියා දෙන්නයි මම ආවේ’ දිඹුලාගල හිමියෝ ගෝරනාඩු කළහ. අන්තිමේ ජේ. ආර්. හමුවූ දිඹුලාගල හාමුදුරුවෝ ඇත්ත ඇතිසැටියෙන් ජනාධිපතිවරයාට පහදා දුන්නේය. කොටි ත්‍රස්තවාදීන් ඝාතනය කරන්නට පෙර දින උන්වහන්සේ ‘දිවයින’ ඇමැතුවේය. එම දුරකථන පණිවුඩය ගත්තේ වත්මන් ‘දිවයින’ ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක සොහොයුරාය.

ත්‍රස්ත ක්‍රියාකාරකම් නිසා මායිම් ගම්මානවල පවතින අනාරක්ෂිත බව ගැනත් තමන් වහන්සේගේ ජීවිතය අනතුරේ ඇති වගත් උන්වහන්සේ පැවසූහ. පුවත පසුදින ‘දිවයින’ මුල් පිටුවට නාරද ලියුවේය. එය පත්තරයේ පළවූදාම පසුදන උදය කාලයේම උන්වහන්සේ ඝාතනයට ලක්වීම අපට වේදනාබර සිදුවීමක් වූයේය.

ලේක්හවුසියේ මහ ගෙදරින් ඇවිත් ‘දිවයින’ හැදූ දිවයින සමාරම්භක කර්තෘ මේ යෝධ මිනිසා තක්සලාවක දිසාපාපොක් මෙන් අලුත් පරපුරක් තැනුවේය. “මට වැඩිය හොඳට අයිසේ තමුසෙලා කරනවා” එතුමාගේ දැක්ම වුණේය. එතුමන් දේශපාලකයින් පක්ෂ ඉදිරියේ දෙකට නොනැමුණේය. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය කොතැනද ‘රණසිංහ’ මහතා එතැන සිට ගත්තේය. මේ රටේ පසු කලෙක පත්තර කන්තෝරු රැසක පදවි හෙබවූ ‘කර්තෘවරු’ එතුමාගේ තක්සලාවෙන් බිහිවූ ශිෂ්‍යයෝ වූහ. එය ‘මහගෙදර’ අභිබවා නව තක්සලාවක් ගොඩනැගීම බඳු වුණේය. උපාලි තෙන්නකෝන්, සිරිමල් පොන්සේකා, අනුර සිරිවර්ධන, සිසිර පරණතන්ත්‍රී, ගයිරික පේරුසිංහ, ගාමිණී සුමනසේකර, ජනක රත්නායක, ජයනාත් ගුණවර්ධන, ජයන්ත චන්ද්‍රසිරි, කිත්සිරි නිමල්ශාන්ත, ජටිල වැල්ලබඩ, ධර්මන් වික්‍රමරත්න, ‘දිවයින’ වත්මන් කතු නාරද නිශ්ශංක මෙන්ම අනුර සොලමන්ස් සුන්දර නිහතමානිද මැල් සහ අප සමග සිටි දයා ප්‍රනාන්දු, තිස්ස විරසේකර, මුදිත කාරියකරවන, දේශප්‍රිය දිසානායක, ඩබ්. කේ. ඩී. නවරත්න, පියනන්ද මල්දෙණිය, ක්‍රිෂාන්ති පීරිස් සහ නීතිඥ ජයන්ත සිල්වා, රූපසිරි විද්‍යාරත්න, ශාන් විජයතුංග, චන්ද්‍රසිරි කටුදෙණිය, ලක්ෂ්මන් පියසේන, සිරිමෙවන් කස්තුරිආරච්චි,, දීප්ති පලිහපිටිය, පුෂ්පා ඉලංගන්තිලක, චාන්දනී විජේතුංග, පද්මා වේරගොඩආරච්චි, නෝමන් පලිහවඩන, සාලමුල්ලේ ධර්මරත්න, චන්ද්‍රසිරි දොඩංගොඩ, ලක්ෂ්මන් කුමාර කිර්ති, කරුණාදාස සූරියආරච්චි, එම්. එස්. අයුබ්, ගුණපාල හේමචන්ද්‍ර, ආරි ලන්තුවාහන්දි, ප්‍රියංගනි ගුණවර්ධන, සුනිල් කළුබෝවිල, සරත් අබේගුණවර්ධන, කීර්ති වර්ණකුලසූරිය, දයා ලංකාපුර, නිලන්ත මධුරාවල, වසන්ත කුමාර කෙත්හේන, ලයනල් මුණසිංහ, අශෝක වන්නිආරච්චි, බන්ධුල දිනපූර්ණ, විමලසේන ඉහලගම, සුසිල් ප්‍රේමලාල්, ඇම්. ඇස්. අමරසිංහ, රූපසිරි විද්‍යාරත්න, ශ්‍රී ලාල් ගෝමස්, මංගල වීරසේකර මංගල ධර්මප්‍රේම, චතුර විද්‍යාරත්න, ටී.එම්.ජී. චන්ද්‍රසේකර, සරත් ධර්මසේන, විමල් එස් සුරේන්ද්‍ර, චන්ද්‍රා වීරවර්ධන, ප්‍රසන්න හෙන්නායක, ධර්මසිරි අබේගුණසේකර, යු. එන්. පෙරේරා, බන්දු එස් කොඩිකාර, ප්‍රියන්ත හෙට්ටිගේ, එරංග ජයවර්ධන, නිල්ටන් ගලබඩගේ, රන්ජන් පරණවිතාන, ඇසල ජයසේන, ප්‍රියංකා කහවනුගොඩ, චාමින්ද වාරියගොඩ, පියසේන දිසානායක, සමන් කලුආරච්චි, රවින්ද්‍ර විජේවර්ධන, චතුර විද්‍යාරත්න, ජානක ලියනආරච්චි, අජිත් අලහකෝන්, රශි වීරසිංහ, ජයන්ති මෙන්ඩිස්, ප්‍රියංගනි ගුණවර්ධන, සුගතපාල මෙන්ඩිස්, සිරිල් විමලසුරේන්ද්‍ර, අශෝක ඩයස්, හෂිණි සරත්චන්ද්‍ර, බුලිත ප්‍රදීප් කුමාර වැන්නවුන් එම තක්සලාවෙන් බිහිවූවෝ කිහිප දෙනෙකි. මෙම ලිපිය දිගවැඩිවන නිසා සෙසු අයගේ නම් මෙහි සඳහන් නොවුණද එම තක්සලාවෙන් බිහිවූ එම සහෘදයින් මට සමාව දෙත්වා.

කර්තෘ මණ්ඩලවලට අමතරව නිෂ්පාදන, දැන්වීම්, ප්‍රවාහන, බෙදාහැරීම් සහ හෝමාගම මුද්‍රණාලය ඇතුළු අංශවල සේවක බලමුළුද රණසිංහ මහතාගේ යෝධ මෙහෙවරට එකාමෙන්ම කැපවූ වගද සිහි කරමි.

උදෑසන කන්තෝරුවට විත් පත්තර සියල්ල කියවූ මේ දැවැන්තයා ලංකාවේ මණක් නොව ‘ද හින්දු’ ඇතුළඵු විදෙස් පුවත්පත් සඟරා දිනපතා කියවූවේය. යුද්ධ පැවැති සමයේ මෙරට කෙරෙහි වූ ජාත්‍යන්තර ක්‍රියාකාරකම් බලපෑම් හමුවේ එතුමන් ලියූ කතුවැකි පෝෂණය වූයේ ඒවා තුළ රට වෙනුවෙන් ‘දිවයින’ නැඟූ හඬෙහි දෝංකාරය රැව්දුන් නිසාය. අද මෙන් විiුත් මාධ්‍ය විකාශය පුළුල් නොවූ වකවානුවක වුව මේ මිනිසා ලෝකය පිළිබඳ දිනපතා අලුත් දැනුමින් සන්නද්ධ වූයේය. අලුත් පරපුරට වගකීම් පවරමින් ඔවුන් ඉදිරියට ගන්නට දෙවරක් ඔහු සිතුවේ නැත. එවන් නිදසුන් අනන්තව වගේ මතකයට එයි. විනෝද ගමන්වලට රණසිංහ මහතා තෝරා ගත්තේ සංචාරක සිරි නැරඹීමට කාලය යෙදවීමට නොවේ. වරෙක මායිම් ගම්මානයකට ගියේය. තවත් වරෙක මහවැලියේ අලුතින් ජලාශවලට යටවන ගම් දනව් නිරීක්‍ෂණය කරන්නට ගියේය. තවත් වරෙක ඔහු අපද කැටුව ගියේ වනවාසී රාහුල හිමියන්ගේ නාමල් උයන වැනි රැකිය යුතු ස්ථාන ස්වභාවික පරිසර පද්ධති වෙතය.

තවත් කරුණක් මෙහිදී මගේ මතකයට නැඟෙයි.

එක් වකවානුවක ‘දිවයින’ ට ආණ්ඩුවෙන් වෙනම ප්‍රවෘත්ති නිලධාරියකු පත් කෙරිණි. මේ ‘දැවැන්තයා’ නොසැලුණේය. ‘කපනා’ බලධාරියාට හෝ ආණ්ඩුවට උත්තර නැතිවන තැනට මාධ්‍ය හරඹ කරන හැටි රණසිංහයන් පෙන්වූයේය. සතිපතා, දිනපතා ඔහුගේ දැක්ම තුළින් ඇරැඹුණු නව විශේෂාංග තුළින් දැවැන්ත ලේඛක බලවේගයක් ‘දිවයින’ සමඟ රොද බැඳුනි. අද පළවන පත්තරයේ පුවතක අලුත් පැත්තක් හෙට රටට දෙන්නට රණසිංහ මහතාට ඕනෑ විය. ඒ නිසා හැමදාම පත්තරය අලුත් වුණේය. එඩ්මන්ඩ් රණසිංහ මේ මහා පුරුෂයා කම්පා වූ අවස්ථා මම අනන්තවත් දැක ඇත්තෙමි. මායිම් ගම්මාන වල අහිංසක වැසියන් ත්‍රස්තවාදීන් ඝාතනය කරද්දී ශ්‍රී මහා බෝධිය, ශ්‍රී දළදා මාළිගාව වැනි පුදබිම් වලට ත්‍රස්තයන් පහර එල්ල කරද්දී දකුණේ භීෂණය මැද අහිංසක ජීවිත වැනසෙද්දී උතුරේ මෙන්ම දකුණේ ත්‍රස්තවාදය රජයද්දී ඊට එරෙහිව යමින් තම පෑන මෙහෙයවන්නට ඔහු කම්පිතව අපට දුන් නිවැරදි නායකත්වය කිසිසේත් අමතක කළ නොහැක.

මේ රටේ පැවැති සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු නම් වූ පංච මහා බලවේගවලින් ඔබ්බට යමින් මේ රටේ සිසුන්, විද්වතුන්, සියලු ආගම් අදහන ජනතාව, සර්ව ආගමික නායකයන්ද සාහිත්‍යකරුවන්, සිනමාවේදීන් ද ‘දිවයින’ වටා පසු කළෙක රොද බැඳුණේ එඩ්මන්ඩ් රණසිංහ නම්වූ දැවැන්ත පත්තර කලාවේදයා ගේ දැක්ම ඔස්සේ අභීතව නොසැලුණු ගමනක් යන්නට එතුමන් ‘දිවයින’ අපට දුන් නිවැරැදි නායකත්ව්‍ය, කතෘත්වය නිසාය, අපි එතුමන්ට චිරං ජීවනය පතන අතර, එතුමන්ට ජනාධිපති ගෞරව බුහුමන් හිමිවන මේ මොහොතේ සුබාශිංසනය කරමි.

නන්දසේන සූරියආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment