වසර තුනකට පසු සෞදි කුමරියට නිදහස

838

චෝදනාවකින් තොරව වසර 03කට අධික කාලයක් අධි ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටි සෞදි කුමරිය සහ ඇයගේ දියණිය නිදහස් කර තිබේ.

 වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ස්විට්සර්ලන්තයට යෑමට සූදානම්ව සිටියදී බස්මා බින්ට් සවුද් කුමරිය 2019 වසරේ මාර්තු මාසයේදී සෞදි බලධාරීන් විසින් රඳවාගනු ලැබීය. එසේ වුවද ඇයට හෝ ඇයගේ දියණියට එරෙහිව මේ දක්වා කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බව වාර්තා වේ.

 ඇය මානුෂීය ප‍්‍රශ්න සහ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පෙනී සිටීම රඳවා ගැනීමට හේතුව විය හැකි බව විචාරකයන් මත පළ කරයි

advertistmentadvertistment
advertistmentadvertistment