විශේෂඥ වෛද්‍යවරියගේක්‍රෙඩිට් කාඩ් එකෙන් දෙලක්‍ෂ විසිදහසක බඩුගත් සැකකරු මාට්ටු

154

කෑගල්ල මහ රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරියකගේ ක්‍රෙඩිට් කාඩ් පතකින් වංචනිකව රුපියල් දෙලක්ෂ ලක්ෂ විසිදහසකට අධික මුදලක කෑමබීම සහ භාණ්ඩ මිලට ගත්තේ යයි කියන සැකකරු අත්අඩංගුවට ගැනීමට කෑගල්ල පොලිසිය පසුගියදා සමත් වී තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ යට්ටෝගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින 52 හැවිරිදි සිව්දරු පියෙකි.

කෑගල්ල මහ රෝහලේ සේවය කරන මෙම විශේෂඥ වෛද්‍යවරිය පසුගිය 10 දා සේවය නිමා කොට රාත්‍රියේ මාවනැල්ල පිහිටි නිවස බලා යමින් සිටියදී කෑගල්ල විකල්ප මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්පොළක ඇය සිය මෝටර් රථය නවතා කාඩ්පතින් මුදල් ගෙවා ඉන්ධන ලබා ගැනීමට ගිය අවස්ථාවේ දී ඇගේ ක්‍රෙඩිට් කාඩ්පත ඇයට නොදැනීම එම ස්ථානයේ වැටී ඇත.

පසුව එම ඉන්ධන පිරවුම්පොලෙන් ඉන්ධන ලබා ගැනීමට ගිය පුද්ගලයකුට වෛද්‍යවරියගේ වැටී ඇතැයි කියන ක්‍රෙඩිට් කාඩ්පත දැක අහුලාගෙන පසු දා බිරිඳ හා දරුවන් සමග මාවනැල්ල නගරයට ගොස් සුපිරි වෙළෙඳසැලකින් රු. 47000 ට ආසන්න නිවසට අවශ්‍ය කෑමබීම ගෙන, විදුලි උපකරණ වෙළෙඳසැලකට ගොස් රු. 73000 ක් වටිනා රූපවාහිනියක්ද, රු. තිස්දහසක සෙල්ලම්බඩුද, රු. 40,000 ක් වටිනා නිමි ඇඳුම්ද රැගෙන තිබුණු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

පිරවුම්හලේ සී.සී.ටී.වී. දර්ශන අනුව පොලිසිය සැකකරු හඳුනාගෙන පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

කෑගල්ල පොලිසියේ උ.පො.ප. ගයානාත් මහතා පුධාන නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව වරද පිළිගෙන ඇති බවත්, සැකකරු කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබුණි.

කොටියාකුඹුර – රම්‍යපාල

advertistmentadvertistment
advertistmentadvertistment