ගෑස් පෝලිමේදී පොල් ගෙඩියක් හිසට වැටිලා බරපතල තුවාල

194

දින ගණනක් තිස්සේ පිටිගල ගෑස් පෝලිමේ දස දුක් විඳිමින් කුසගින්නේ රස්තියාදු වූ අයකු ගෑස් පෝලිමේ සිටියදී හිස මතට පොල් ගෙඩියක් ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා ඊයේ (21) ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මෙම රෝගියාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෝලිමේ සිටි අය පැවසුවේ දින ගණනක් දුක්විඳ පෝලිම්වල ළඟින පිරිස්වල ආරක්ෂාව සැලසෙන පරිදි මෙම කටයුතු සංවිධානය කළ යුතු බවයි. කෙසේ වුවද ජනතාවගේ එකම අරමුණ ගෑස් ලබා ගැනීම පමණක් බැවින් ආරක්ෂාව ගැන තැකීමක් නොකරන බවද ඔවුන් කියයි. ගෑස් පෝලිමේ අයකු වැටුණු පොල් ගෙඩිය අතැතිව කතා බහට එක්ව සිටියේය.
නියාගම – විල්සන්ට් විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment