අවුරුදු සීයකට පෙර වසංගත අත්දැකීමක් ටැමිලිපියකින් හෙළිවෙයි

779

වසංගත පැතිරීම පිළිබඳ තොරතුරු රාශියක් ලෝක ඉතිහාසය තුළ සටහන් වී ඇත. විශේෂයෙන්ම වසූරිය වංසගතය ලෝකයම පීඩාවට පත් කළ ආකාරය පුදුම සහගතය. දූපතක් වශයෙන් ලෝක ගෝලයේ දක්නට තිබෙන ලංකාවට මෙවැනි වසංගතය පැමිණෙනුයේ සංක‍්‍රමණ නිසාවෙනි. විශේෂයෙන්ම වෙළෙඳාම හරහා පැමිණෙන නාවිකයන් මෙන්ම සෙබළුන් නිසා මේ රෝග තත්ත්වයන් ලංකාව පුරා පැතිරුණු අවස්ථාවන් තිබේ. පරංගි (ෆිරංගි යනු විදේශික යන අර්ථය දෙන්නකි) එවැනි රෝගයකි. කොළරාවද ඉන්දියාවේ සිට මෙරටට පැමිණි කල්ලතෝනින් නිසා ඇති වූවකි. දාහත්වන සියවසේ පමණ සිටම වසූරිය මන්නාරම අවට පැතිරී පසුව උඩරට රාජධානියද ආක‍්‍රමණය කරන ලද්දේය. මහාමාරිය පැතිරීමද මෙලෙසම සිදු විය. මෙයට ශත වර්ෂයකට පෙර ඉතාමත් දරුණු අන්දමින් පැතිර යන ලද්දේ ස්පාඤ්ඤ උණ නමින් හඳුන්වන ලද දරුණු ප‍්‍රතිශ්‍යා උණ රෝගයකි. මහාමාරිය රෝගය නිසා ඇති වූ කලූ මරණ ඛේදවාචකය ක‍්‍රි. ව. 165 සිට ආරම්භ ව වර්ෂ 1855 දක්වා වරින් වර සිදු වී තිබේ. ස්පාඤ්ඤ උණ වසංගතය ප‍්‍රථමයෙන්ම ආරම්භ වූයේ ඇමරිකාවේ දීය. පසුව එය ලෝකය පුරා පැතිර ගොස් දශලක්ෂ පන්සීයකට වඩා පිරිසක් මරුමුවට පත් කර තිබේ. මෙය 1918 දී පමණ ලොව පුරා දශලක්ෂ 10 ක පමණ ජනතාවක් මරණයට පත් කර තිබේ.

අවුරුදු සීයකට පෙර වසංගත අත්දැකීමක් ටැමිලිපියකින් හෙළිවෙයි

යටත්විජිත සමයේ මුල් වරට වතු වැවිලි උදෙසා කම්කරුවන් මෙරටට ප‍්‍රවාහනය කරන ලද්දේ 1845 වර්ෂයේ දීය. කෝපි වගාව සඳහා ඉඩම් නිදහස් කිරීමට බි‍්‍රතාන්‍ය රජය කටයුතු කරන ලද්දේ කෝල්බෘක් කැමරන් ප‍්‍රතිසංස්කරණ වලින් අනතුරුව 1837 වර්ෂයේ සිටය. වතු කම්කරුවන් ඉන්දියාවේ තන්ජෝර් මදුරාසිය මදුරෙයි වැනි ප‍්‍රදේශ වල සිට තුත්තකුඩිය හරහා කි. මී. 270 ක් මග ගෙවා මුහුදු මගින් තලේමන්නාරමට ප‍්‍රවාහනය කරන ලදහ. පසුව මදුරාසියේ රාමනාතපුරම් දිස්ත‍්‍රික්කයේ මණ්ඩපම් සිට කි. මී. 32 ක් ගෙවා තලේමන්නාරමට ප‍්‍රවාහනය කරන ලදහ. මෙම මාර්ගය ආරම්භ කරන ලද්දේ 1914 පෙබරවාරි 24 දිනදීය.

19 වන සියවසේ අග භාගයේ සිට පැණ නගින ලද විවිධ වසංගත තත්ත්වයන් යටතේ බි‍්‍රතාන්‍ය රජය සංක‍්‍රමණිකයන් සඳහා නිරෝධායන නීති සකස් කළහ. ඉන්දියාවේ ව්‍යවස්ථාදායක මණ්ඩලයට අනුව සකස් කළ නිරෝධායන නීති මත දකුණු ඉන්දියාවේ මණ්ඩපම් සහ තකපාරයි යන කඳවුරු ඇති කළහ. මේවා හරහා පැමිණි සංක‍්‍රමණිකයන් තලේමන්නාරමට පැමිණියහ. අනතුරුව මන්නාරමේ සිට දඹුල්ලටත් නුවර ප‍්‍රදේශයටත් දුම්රිය මගින් කොළඹ සහ කළුතරටත් ගෙන එන ලදහ. 1919 වර්ෂය වන විට කළුතරට ප‍්‍රවාහනය කරන ලද කම්කරුවන් සංඛ්‍යාව 6468 දෙනකු විය. කළුගඟ හරහා දුම්රිය පාලම 1912 දී සාදා නිම කළ පසු දුම්රිය කළුතරට සේන්දු වීම වැඩි වූ බව පෙනේ. වර්ෂ 1842 සිට වර්ෂ 1922 දක්වා යටත් විජිත ආණ්ඩුවේ වසංගත කමිටුවේ වාර්තා පරිශීලනය කරන්නෙකුට මෙරටට පැමිණි සංක‍්‍රමණිකයන්ගේ සංඛ්‍යාව ගැන අදහසක් ලබා ගත හැකිය. කොළරාව පිළිබඳ සංඛ්‍යා ලේඛන අඛණ්ඩව තබා ගෙන ඇත. වසූරිය පිළිබඳ ලේඛන වලින් පැහැදිලි වනුයේ 1886 දී කළ එන්නත් කරණයෙන් පසුව යම් පාලනයක් ඇති වුවද යළි එය වැඩිවූ ආකාරයයි. 1897 දී නිරෝධායන ආඥා පනත සම්මත කර ගනු ලබනුයේ මේ තත්ත්වය පාලනය කර ගැනීම පිණිසය. විශේෂයෙන්ම විදසේ සංක‍්‍රමණිකයන් නිසා ඇති වී තිබූ සෞඛ්‍ය අර්බුදය විසඳීම ලෙහෙසි පහසු නොවීය. ප‍්‍රමාණවත් තරම් සෞඛ්‍ය පහසුකම් සැපයීම ආණ්ඩුවට අමාරු කාරණයක් විය. විදෙස් වලින් පැමිණෙන්නන් රාගම කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානවල නවත්වා පසුව වතු වලට කැටුව යන ලදහ. මේ ගමන් මහත් දුෂ්කර තත්ත්වයන් යටතේ සිදු විය.

දුම්රිය ගමනාන්තවලට පැමිණෙන විට බොහෝ පිරිසක් රෝගී වී සිටියහ. බි‍්‍රතාන්‍ය රජයට අවශ්‍ය වූයේ කම්කරුවන් මිස නිරෝගී මිනිසුන් නොවේ. රෝගී වූ කම්කරුවන් පිදුරු ඇතිරූ කරත්ත වල පටවා ප‍්‍රවාහනය කරන ලදි. ඔවුන්ට කිසිම සෞඛ්‍ය පහසුකමක් නොවීය. ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ පළමුවන දෙමළ මන්ත‍්‍රීවරයා මේ කටයුතු කීප වතාවක්ම විවේචනය කර තිබේ. කෙසේ වෙතත් යටත් විජිත ලේකම්ගේ පිළිතුර වූයේ රෝගීන් ගෙන යන සේවකයන් සියල්ල එන්නත් කර ඇති බවයි. එන්නත මේ රෝගවලට විසඳුම වූයේ නැත. වසූරිය යම් තරමකින් පාලනය කරන ලද නමුත් වර්තමානයේ ්‍ය1භ1 යනුවෙන් වර්තමානයේ හඳුන්වන ස්පාඤ්ඤ උණ මර්දනය කර ගැනීම ලෙහෙසි නොවීය. 1914 සිට 1919 දක්වා කාලය තුළ මිය ගිය සංඛ්‍යාව ඉතා විශාල විය. 1918 දී රෝගීන් 1474 ක් වාර්තා වී ඇති අතර මරණ සිදු වී ඇත්තේ 420 කි. 1919 දී ආසාදිතයන් 7786 ක් වාර්තා විය. ඉන් රෝගීන් 587 ක් මිය ගොස් තිබුණි. බස්නාහිර පළාතෙන් 214 ක්ද මධ්‍යම පළාතේ 62 ක්ද උතුරු පළාතේ 01 ක් දකුණින් 08 දෙනකුද නැගෙනහිර පළාතෙන් 13 දෙනකුද උතුර සහ බටහිර පළාතෙන් 64 දෙනකුද උතුර මැදින් 05 ක්ද සබරගමුවෙන් 41 ක්ද ඌව පළාතෙන් 14 ක් වශයෙන්ද එ් මරණ වාර්තා වී ඇත.

බි‍්‍රතාන්‍ය වැවිලිකරුවන් වෙත කුලීකරුවන් රැුගෙන ගිය ප‍්‍රධානීන් හඳුන්වන ලද්දේ කංගානීන් යනුවෙනි. කම්කරුවන්ගේ බ්‍රෝකර්ලා වශයෙන් ඔවුනට යමක් කළ හැකි විය. අතමිට මුදල්ද යහමින් ගැවසුණි. එ් නිසා වැවිලි කරුවන්ට පසු තීරණ ගැනීමේ බලයද ඔවුනට හිමිවිය. පසු කාලීනව ඔවුහු පොට්ටනි ගැසූ මුදල් කාසි වලින් වතු පවා මිලදී ගත් ආකාරය නිරීක්ෂණය කළ හැකිය. කෙසේ වෙතත් ස්පාඤ්ඤ උණ සම්බන්ධව බි‍්‍රතාන්‍ය ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සංක‍්‍රමණික සහ නිරෝධායන වාර්තා සහ වසංගත කමිටුවේ වාර්තා වලට අමතරව සාක්ෂිකයක් කළුතර දිස්ත‍්‍රික්කයේ ඉද්දගොඩ පත්තුවේ ගීකියනකන්ද වතුයායේ දක්නට හැකිය. අපගේ පැරණි ඉතිහාසයේ ශිලා ලේඛන බහුලය. අනුරාධපුර අපර භාගය වන විට ශිලා ස්ථම්භ වල කොටන ලද ලිපි ද බහුල විය. එ්වා අත්තාණි කණු ලෙසට හැඳින්විය. මෙම සම්ප‍්‍රදාය අනුගමනය කරමින් සටහන් කරන ලද දෙමළ ටැම්ලිපියක් ගී කියන කන්ද වතුයායේ දක්නට හැකිය. එහි ගල් කණු දෙකකි. ඉන් එක කණුවක එක් පැත්තක ටැම්ලිපියක්ද අනෙක් පැත්තේ දික් අතට ලිපියක්ද කොටවා ඇත. මෙම ලිපිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලාලේඛන අංශය විසින් පසුගියදා පිටපත් කරන ලදී. මෙහි වර්ෂය සඳහන් කර ඇත්තේ 1918 යන්නයි. මෙහි ලියා ඇති දෙමළ පාඨයේ සිංහල අර්ථය මෙලෙස සඳහන් කළ හැකිය.

මාඩසාමි කන්කානි මනවි සිත්ති පෙරකලාවිහි දී අභාවයට පත් විය. ඇය වෙනුවෙන් තබන ලද අනුස්මරණ ස්ථම්භයයි.

ගී කියන කන්දේ වත්ත ආශ‍්‍රිතව වර්තමානය වන විටත් තිබෙන ජන ප‍්‍රවාදය නම් තලෙයි මන්නාරම සිට දුම්රියෙන් කළුතරටත් අනතුරුව හොරණ හරහා ගී කියන කන්දට වත්තටත් ප‍්‍රවාහනය කරන ලද වතු කම්කරුවන්ගෙන් බෝ වුණ වංසංගතය නිසා වත්තේ කන්ගානි වන මාඩසාමිගේ භාර්යාව ආභාවප‍්‍රාප්ත වූ ආකාරයයි. මෙම වසංගතය ගැන අවබෝධයක් නැති ඔවුහු ගල් කණු දෙකක් සිටුවා රෙදි කඩ වලින් ඔතන ලද මළ කඳ ගල් කණු මත තබා දෙවියන්ට යාඥා කර ඇත. ඉන්පසු එ් අසලම ඇති සොහොනේ වළ දමා තිබේ. මේ කාලයේ ගී කියන කන්ද අසල කුඩලිගම  ගම්මානයේ ප‍්‍රසිද්ධ ගල් වැඩ කරුවන් සිට ඇත.

ගිරිකොළ විහාරස්ථානයේ සුප‍්‍රකට ගල් වැඩ කරන ලද්දේ එ් ගල් වඩුවන් විසිනි.

* මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment