ආරුක්කු නමය පාලම අසල කැළෑවේ ඇතිවූ හදිසි ගින්න සාර්ථකව මැඬපවත්වයි

59

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල ලොව සුපතල ආරුක්කු නමය පාලම ආශ්‍රිත කැළෑවේ ඇති වූ ගින්න රේල් පීලි දක්වා පැමිණි අතර එය පුළුල් ලෙස පැතිරීමට ඉඩ නොදී දියතලාව ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් ජලය ඉස ගින්න නිවා දැමීමට ක්‍රියා කf්ළ්ය.

එම ගින්නෙන් අක්කර සියයක් පමණ ප්‍රමාණයක් දැවී ගිය බව බදුල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා පැවැසීය.

බදුල්ල දිස්ත්‍රික්කයේ දැනට පවතින දැඩි නියං තත්වය සහ සුළඟ ගින්න වේගයෙන් පැතිරීමට හේතුවක් විය.

ගින්න දුම්රිය මාර්ගය දෙපස පැවැති අවස්ථාවේ දී දුම්රියක් පැමිණි අතර එය ආරක්ෂිතව පිටත් කර යැවීමට ද හැකිවී තිබේ.

ගින්න නිවා දැමීමේ කාර්යයට දියතලාව ගුවන් හමුදා භටයන් යුද හමුදා නිලධාරීන් පොලීසිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් වන සංරක්ෂණ නිලධාරීන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇල්ල ප්‍රා.ලේකම් කාර්යාලයේ නිලධාරීන් ප්‍රදේශවාසීන් සහාය වූ බව බදුල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා පැවැසීය.
බදුල්ල එච්.එම්.සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment