මේ වසරේ දින 8 ට ඩෙංගු රෝගීන් 2866 ක්

32

අධි අවදානම් කොට්ඨාස 69 ක්

උදා වූ 2024 නව වසරේ ගතවූ දින 8 ක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් දෙදහස් අටසිය හැටහයදෙනකු (2866) වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව නවසිය හතළිස්පහක් (945) බවත් එම ඒකකය කියයි.

මීට අමතරව උතුරු පළාතෙන් රෝගීන් පන්සිය හැත්තෑපස් දෙනකු ද (575), වයඹ පළාතෙන් රෝගීන් දෙසිය තිස්පස්දෙනකු ද (235), සබරගමුව පළාතෙන් රෝගීන් එකසිය හැටදෙනකු ද (160) වාර්තා වී ඇතැයි ද, ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ගණන 69 ක් බව ද එම ඒකකය පවසයි.

පවතින වැසි තත්ත්වය හමුවේ නිරතුරුව තම නිවාස, පරිශ්‍ර, වැඩබිම්, පාසල්, රැකියා ස්ථානවල ජලය එක්රැස් වන ස්ථාන පිරිසිදු කරන ලෙස එම ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment