මැක්ස්වල්ගෙන් ලෝක කුසලාන වාර්තාවක්

100

පන්දු 40 කින් ශතකයක් ලබා ගනිමින් ලෝක කුසලාන තරඟ ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියාවේ ග්ලේන් මැක්ස්වල් ඊයේ (25 වැනිදා ) සමත් වූයේ ය.

නෙදර්ලන්තයට එරෙහිව ඊයේ පැවති තරගයේදී මැක්ස්වල් එම වාර්තාගත ශතකය ලබා ගත් අතර එහිදී මැක්ස්වල් 6 පහර 8 ක් සහ 4 පහර 9 ක් එල්ල කර තිබුණි.

මෙම වාර්තාව මීට පෙර මෙම තරගාවලියේදී ම තමන්ගේ නමට ලියා ගැනීමට දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්‍රම් පන්දු 49 කදී සමත් වී තිබුණි.

ඔස්ටේ්‍රලියාව මෙම තරඟයේදී ලකුණු 399 ක් ලබා ගත් අතර එය ඔවුන් ලෝක කුසලාන තරඟයක ලබා ගත් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment