වවුනියාවේදී ශීඝ්‍රගාමී දුම්රියේ ගැටුණු ලොරියේ දෙදෙනාට බරපතළයි

155

වවුනියාවේ තිරුවනාව්කුලම් ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක් මැදට ලොරියක් ගැටීම නිසා ලොරියේ සිටි පුද්ගලයන් දෙදෙනාම බරපතළ ලෙස තුවාල ලබා 23 දා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

දුම්රිය හරස් මාර්ගයක් නොමැති මෙම ස්ථානයේදී දුම්රිය මාර්ගයේ දුම්රියක් ගමන් කරමින් ඇති බව දැන දැන ලොරි රියැදුරා ලොරිය ඉදිරියට ධාවනය කරවීම නිසා මෙම අනතුර සිදුව තිබේ.

මේ අවස්ථාවේදී දුම්රිය රියැදුරා දුම්රිය නවතා කළ සොයා බැලීමේදී ලොරියේ ඉදිරිපස කොටස දුම්රියේ ගැටී කැඩී ගොස් තිබූ අතර ලොරිය තුළ සිටි දෙදෙනා දුම්රිය මාර්ගය ආසන්නයේ වැටී සිටිනු දැක තිබේ.

ලොරිය ගැටී ඇත්තේ කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියකය.

ප්‍රදේශවාසීන්, දුම්රිය සේවකයන් හා දුම්රිය මගීන් එක්ව ඔවුන් දෙදෙනාව වවුනියාව මහ රෝහලට රැගෙන ගොස් තිබේ.

වවුනියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment