රෝහලේ තිබූ කොන්ඩම් 600 ම හොරු උස්සලා

492

යාපනය පේදුරුතුඩුව රෝහලේ තබා තිබූ කොන්ඩම් 600ක් සමග වූ විශේෂ පෙට්ටිය හොරුන් විසින් ගෙන ගොස් ඇති බව රෝහලේ වෛද්‍යවරු 20 දා පොලිසියට ප්‍රකාශ කළහ.
සමාජ රෝග වැළැක්වීමටත් ඒඩ්ස් රෝගයෙන් ආරක්ෂාව වීම සඳහාත් මෙම කොන්ඩම් පෙට්ටිය සහන සැලසීමක් ලෙස ලෝක එඩ්ස් දිනය යෙදී තිබූ දෙසැම්බර් මස 1 දා පේදුරුතුඩුව රෝහලේ ස්ථාපිත කොට ඇත.

යාපනය ශික්ෂණ රෝහලේ සංකල්පයක් මත යාපනයේ සෑම රෝහලකටම මෙවැනි කොන්ඩම් අඩංගු කළ විශේෂ පෙට්ටි ලබා දී තිබූ අතර ඉන් අවශ්‍ය අයකුට කොන්ඩමයක් නොමිලේ ලබා ගැනීමට පහසුකම් සලසා දී තිබුණු බව වෛද්‍යවරු ප්‍රකාශ කරති.

මේ අතරවාරයේ කිසියම් කෙනකු විසින් මුළු කොන්ඩම් පෙට්ටියම හොරා ගෙන ගොස් තිබේ.

පේදුරුතුඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment