පකිස්තානයේ කාන්තා උද්ඝෝෂණයකට පොලිස් ප්‍රහාර

107

පකිස්ථාන ප්‍රාන්තයක් වූ බලුකිස්ථානයේ පිරිමින් අතුරුදන් වීමට එරෙහිව පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර ඊයේ (21) පැවති කාන්තා උද්ඝෝෂණ පාගමනක් විසුරුවා හැර ඇති පොලිසිය උද්ඝෝෂකයන් 200 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම උද්ඝෝෂණ පාගමන විසුරුවා හැරීම සඳහා පොලිස් නිලධාරීන් විසින් කඳුළු ගෑස් හා ජල බවුසර යොදා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අත්අඩංගුවට ගැනුණු උද්ඝෝෂකයන් පොලිස් වාහනවලට නංවා ගැනීමට ගෙන යෑමේදී රැස්ව සිටි සෙසු උද්ඝෝෂකයන් කෑගසමින් හා හඬමින් එයට විරෝධය පළ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment