සල්ලි පොකුරු එක්ක කරළියට ආපු ෂෙහානි

264

නළුවන්ගෙනුත් ආදර යෝජනා එනවා
මමත් ටැටූ ගැහුවා

අවුරුදු එකහමාරකට පසුව ‘සල්ලි පොකුරු. එක්ක ඇය යළිත් පුංචි තිරයට ඇවිත්. විකාශය නොවුණත් කරපු වැඩ ගොඩක් තියෙනවලු. ඒවා ළඟදීම රසවිඳින්න පුළුවන් වෙයි කියල තමයි ඇය කියන්නෙ. ඔය අතර නිෂී ගැන දැනගන්න ෂෙහානි කහඳවල එක්ක අපි මේ විදිහට කතාබහක යෙදුනා.

සල්ලි පොකුරු එක්ක කරළියට ආපු ෂෙහානි

කාලෙකට පස්සෙ ෂෙහානිව ටීවී එකේ දකින්න ලැබෙනවා?

ඔව්” අවුරුදු එකහමාරකට පස්සෙ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයා අධ්‍යක්‍ෂණය කරන” සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයා තිර පිටපත් රචනය කරන ‘සල්ලි පොකුරු. ටෙලි නාට්‍යයට මටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා මේ වන විට හිතාගන්නත් බැරි තරමට ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

වත්තක හැදුනු වැඩුණු නිෂී මොන වගේ චරිතයක් ද?

ගොඩක් වෙනස් චරිතයක් වගේම වෙනස්ම අත්දැකීමක්. මම කවදාවත් මේ වගේ චරිතයක් රඟපාලා නැහැ. ඒක වෙනම ජීවිතයක්. සුන්දර නැහැ” ලේසි නැහැ එකවරම චරිතයට යන එක.

සල්ලි පොකුරු එක්ක කරළියට ආපු ෂෙහානි

ෆුට් සයිකයි පදින්නත් පුරුදු වෙන්න වුණා?

හොඳටම ෆුට් සයිකල් පදින්න බැහැ. නමුත් යම් තරමක් පුළුවන්.

නිෂී ෂෙහානිට සමානද?

ෂෙහානිට පොඩ්ඩක්වත් සමාන නැහැ. ෂෙහානි කියන්නෙ වෙනම චරිතයක්. ෂෙහානි සැරයි” නම්ත් නිෂී තරම්ම නැහැ. හැම වෙලාවෙම කට කියවගෙන යන චරිතයක් නෙමෙයි. අවශ්‍ය තැන්වලදි සුදුසු විදිහට කතා කරනව.

ෂෙහානිට ආරාධනා ලැබුණෙ නැද්ද?

ආරාධනා ලැබුණා. ඒ වගේම මම රංගනයේ දායක වුණ නාට්‍ය බොහොමයක් තියෙනව. නමුත් විකාශනය වුණේ සල්ලි පොකුරු විතරයි.

සල්ලි පොකුරු එක්ක කරළියට ආපු ෂෙහානි

නිෂී වෙනුවෙන් කළ කැපකිරීම මොන වගේද?

ඇත්තටම මේ චරිතය වෙනුවෙන් හැඩගැහෙන්න මට තිබුණේ පුංචි කාලයක්. පොඩි පොඩි බාධකත් තිබුණා. ෂූටිං අතරතුර උණ හැදිලා හොස්පිටල් පවා ඉන්න සිද්ධ වුණා. ඒත් කොහොම හරි දවස් දෙකකින් උණ හොඳකරගෙන ඇවිත් ආයෙත් ෂූටිංවලට සහභාගී වුණා.

විකාශය නොවුණ ටෙලි නාට්‍ය කීයක් තියෙනවද?

මම හිතන්නෙ විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය හතරක් විතර තියෙනවා. රූපවාහිනියෙන් දකින්න නැති වුණාට ලොකු වැඩ කොටසක් කරලයි තියෙන්නෙ. නමුත් මේ වෙලාවෙ නම් වැඩිපුර මහන්සි වෙන්නෙ සල්ලි පොකුරු නාට්‍යය වෙනුවෙන්.

ගායන කටයුතු?

ගායන කටයුතු නොකඩවා කරගෙන යනවා. ළඟදීම ගීතයක් බලාපොරොත්තු වෙන්න කියන්නත් බැහැ. එළිදක්වන්න ළං වුණාම කියන්නම්කො.

ෂෙහානි රඟපෑම තෝරාගත්තෙ ඇයි?

මට කරන්න පුළුවන් දේ තමයි මම තෝරාගත්තෙ. නර්තනය” ගායනය සහ රංගනය යන තුනම මට පුළුවන්. ඒ වගේම මට හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්. ඔය ඔක්කොම පුළුවන් වුණාට කැපිල පේන්නෙ රංගනය.

චිත්‍ර අඳින්න කම්මැලිද?

නැහැ.. නැහැ.. ඇත්තටම මට ඒකට කාලයක් නැහැ. කොරෝනා කාලෙ නම් පොඩි පොඩි වැඩ ටිකක් කළා. ඒ හැරෙන්න චිත්‍ර අඳින්න ලොකු කාලයක් වැය කරන්න පුළුවන්කමක් නැහැ.

චිත්‍ර ප්‍රදර්ශනයකට කැමැත්තක් නැද්ද?

කැමතියි.. කැමතියි.. අපි බලමු ඉදිරියේදි.

ජනප්‍රියත්වය එකවිදිහට පවත්වාගෙන යෑම රහසක්ද?

ඒක නම් ඉතින් දන්නෙ නැහැ. මම හිතන්නෙ මගේ හිත හොඳයි. ඒක තමයි එකම හේතුව. ඕනෑම කෙනෙකුට මම ගරු කරනව. කිසිම කෙනෙක් හෑල්ලුවට ලක්කරන්නෙ නැහැ. ෂෙහානිගේ ෆොටෝ ෂූට් හරි ජනප්‍රියයි?

මට ඇත්තටම සතුටුයි ඒ ගැන. මගේ රසිකයන්ට ගොඩක් ස්තූතියි. ෆොටෝ ෂූට්වලට මේ තරම් ආදරය කරනව මම කවදාවත් දැකල නැහැ.

වැඩිපුර ආදරය ලැබෙන්නෙ?

පිරිමි ළමයින්ගෙන් වගේම ගැහැනු ළමයින්ගෙනුත් එක වගේම ආදරයක් මට ලැබෙනවා.

සමාජ මාධ්‍ය ගැන අදහස මොන වගේද?

සමාජ මාධ්‍ය හොඳටම හොඳයි. ඒක වැරදි විදිහට පාවිච්චි කරන තැන් තියෙනවා. හරියට අපේ හොඳ සමාජය ඇතුළෙ වැරදි සමාජයකුත් තියෙනවා වගේ. අපිට ඒකට සමාජ මාධ්‍ය වැරදියි කියල කියන්න බැහැ.

ෂෙහානිට සමාජ මාධ්‍ය හිසරදයක් වෙලා තියෙනවද?

නැහැ. මේ වන තුරු මට සමාජ මාධ්‍ය හිසරදයක් වෙන අවස්ථාක් ඇවිත් නැහැ.

විලාසිතා ගැන අදහස?

මම විලාසිතාවලට හරි කැමතියි. විලාසිතාවල මම ලොකු ෆෑන් කෙනෙක්. මට ගැළපෙන විදිහට මම විලාසිතා කරනව. ඔනෑම කෙනෙකුට පුළුවන් තමන්ටම බ්‍රෑන්ඩ් එකක් හදාගන්න.

ටැටූ වලට කැමතිද?

ටෑටූ කලාවට මගේ විරුද්ධත්වයක් නැහැ. ඒක එක එක්කෙනාගේ කැමැත්ත. මමත් ටැටූස් ගහලා තියෙන්නෙ.

සැබූ පෙම්වතියගේ කතාව කවදාද කියන්නෙ?

ඒක නම් දන්නෙ නැහැ. මොකද පෙම්වතෙක් ඉන්න ඕනනේ කතාව කියන්න.

මේ ජනප්‍රියත්වයත් එක්ක ආදර යෝජනා එනව ඇතිනේ?

ඔව්” ඒවායින් අඩුවක් නැහැ. ඕනෑ තරම් ආදර යෝජනා එනවා.

වැඩිපුර යෝජනා එන්නෙ නළුවන්ගෙන්ද?

නළුවන්ගෙනුත් ආදර යෝජනා එනවා. නමුත් ඒවා ගැන සලකා බලන්න බැහැ. ක්‍ෂේත්‍රයේ අය එක්ක ඒ දේවල් මික්ස් කරලන්න බැහැ. අපි එකට වැඩ කරන්න ඕනනෙ. සම්බන්ධයක් ඇති වුණොත් ක්‍ෂේත්‍රයෙන් පිට කෙනෙක් එක්ක තමයි. තවම නම් එහෙම දෙයක් නැහැ.

ආදරයෙන් පැරදුන අවස්ථා?

ආදරයෙන් පැරදුන අවස්ථා නම් ඕනෑ තරම් තියෙනවා. මම හිතන්නෙ ඒක ගොඩක් දෙනෙකුට පොදු දෙයක්.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment