2021 නොවැම්බර් සිට සහල් මෙට්‍රික්ටොන් 922,620ක් රටින් ගෙන්වලා

92

රාජ්‍ය හා පුද්ගලික අංශයේ ආයතන මගින් ඉකුත් 2021 වර්ෂයේ නොවැම්බර් මස 02 දා සිට 2023 පෙබරවාරි මස 15 වැනිදා දක්වා මාස 15ක කාලයේ දී මෙරටට සහල් මෙටි්‍රක්ටොන් නව ලක්‍ෂ විසිදෙදහස් හයසිය විස්සක් ආනයනය කර ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

මුළු සහල් ආනයනයෙන් සහල් මෙට්‍රික්ටොන් 80,842ක් ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් ආනයනය කොට ඇත. මේ සඳහා රජය විසින් 2022 ජනවාරි මස රුපියල් මිලියන 1350ක් හා පෙබරවාරි මස රුපියල් මිලියන 5135ක් වටිනාකමින් යුත් භාණ්ඩාගාර ඇපකර මහජන බැංකුව වෙත නිකුත් කරමින් ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවට අවශ්‍ය පහසුකම් සපයනු ලැබීය.

2022 වර්ෂයේ සහල් මෙට්‍රික්ටොන් හයලක්ෂයක පමණ හිඟයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර සහල් ආනයනය කිරීමට පියවර ගනු ලැබීය. කෙසේවුවද කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පුරෝකථනය කරනු ලැබූ 2022/2023 මහ කන්නයේ ඇස්තමේන්තුගත අස්වනු ප්‍රමාණය සැලකිල්ලට ගෙන බාස්මති සහල් හැර සියලුම සහල් වර්ග ආනයනය නතර කිරීමට රජය විසින් තීන්දු කරනු ලැබීය. කෙසේවුවද මේ වන විට වී කිලෝවක මිල රුපියල් 65ත් 70 දක්වා පහත වැටී ඇති බවට ගොවීහු චෝදනා කරති.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment