කච්චතිව් ඉන්දියාවට පුවතින් මන්නාරමේ විරෝධතා

660

ශ්‍රී ලංකාව සතුව ඇති කච්චතිව් දූපත අනූනව අවුරුද්දකට බදු ක්‍රමයක් මත ඉන්දියාවට ලබාදීමට රජය කටයුතු කරගෙන යන බවට ඉන්දීය මාධ්‍යවල වාර්තාවක් පළවීමත් සමඟම මන්නාරමේ එක්සත් ධීවර සංගමය ඊට විරෝධය පළ කොට තිබේ.

මන්නාරම එක්සත් ධීවර සංගමය විසින් කැඳවන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ මන්නාරම දිස්ත්‍රික් ධීවර සමුපකාර සමිතියේ ලේකම් එන්. එම්. අලාම්, මන්නාරම දිස්ත්‍රික් ග්‍රාමීය සංවිධාන සම්මේලනයේ සභාපති ජස්රින් සොයිසා, උතුරු පළාත් ධීවර ජාලයේ භාණ්ඩාගාරික අන්රානි ශංකර්, උතුරු පළාත් ධීවර ජාලයේ උප සභාපති බාලසුරේෂ් අචුතන්, සභාපති ජොගරාස් කෲස් යන අය කියා සිටියේ රජය එවැනි තීරණයක් ගෙන ඇත්නම් වහාම එම තීරණය වෙනස් විය යුතු බවය.

ඉන්දීය ධීවරයන් සිය දහස් ගණනින් උතුරු මුහුදු තීරයට බලහත්කාරයෙන් පැමිණ මසුන් මරණ අතරවාරයේ ශ්‍රී ලංකාව සතු විශාල දූපතක් ඉන්දියාවට බදු මත ලබාදුනහොත් උතුරේ ධීවරයන්ට විශාල අසාධාරණයක් සිදුවන බවත් රජය එවැනි තීරණයකට එළඹුන හොත් සමස්ත උතුරු පළාතේ ධීවර සංගම් ඊට විරෝධය පළකරමින් විරෝධතා දක්වන බවත් මන්නාරම එක්සත් ධීවර සංගමයේ නියෝජිතයෝ කියා සිටියහ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment