මහජන බැංකුව දේශයේ උන්නතියට නිබදවම කැපවෙනවා

518

ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු

ලොව ප්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව නොකඩවා 2018,2019,2020 සහ 2021 වසර වලදි අඛණ්ඩව ලොව හොඳම බැංකු 1000 නම් කළ මහජන බැංකුව, මෙරට විශාලතම මූල්‍ය සේවා සපයන්නා වේ. මහජන බැංකුව මෙතෙක් ආ මඟ, වර්තමානය හා අනාගත දැක්ම පිළිබඳව එහි ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා සමඟ පසුගියදා අප සාකච්ඡා කළෙමු.

මහජන බැංකුවේ වත්මන් ප්‍රගතිය සහ ස්ථාවරත්වය පිළිබඳව සඳහන් කළොත් ?

පොදු මහජනතාවට බැංකු පහසුකම් පිරිනැමීමේ අරමුණින් ආරම්භ කෙරූ මහජන බැංකුව, වර්තමානය වන විට ගනුදෙනුකරුවා කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිසන විශාල පරාසයක පැතිරුණු මුල්‍ය සේවා සහ විශේෂ බැංකු පහසුකම් රැසක් හඳුන්වාදී තිබෙනවා.වර්තමානය වන විට මහජන බැංකුව විවිධාංගීකරණය වූ පුළුල් සේවා සපයන ජාතික හා අන්තර්ජාතික මට්ටමේ ඇගයීම්වලට පාත්‍ර වී ඇති පරිපූර්ණ බැංකු ආයතනයක් බවට පත්ව ඇති අතර, දිවයින පුරා විහිදුණු ශාඛා හා සේවා මධ්‍යස්ථාන 742කින් සහ 8000කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විතයි. මහජන බැංකුව වටා මිලියන 14කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් ඒකරාශි වී ඇති අතර, එය මෙරට බැංකුවක් සතු ඉහළතම ගනුදෙනුකාර සංඛ්‍යාව වීම විශේෂත්වයක්.

මහජන බැංකුව සතු වත්කම් ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 2.6 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, .තැන්පතු ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 2.0 ඉක්මනවා. ශුද්ධ ණය හා අත්තිකාරම් ප්‍රමාණය රු ටි්‍රලියන 1.8 ක්. ගතවූ 2021 වසරේදී අප ඉතිහාසයේ ලැබූ ඉහළතම බදු පෙර ලාභය වන රුපියල් බිලියන 30.4 ක් සහ බදු පෙර ලාභය වන රුපියල් බිලියන 23.7ක් වාර්තා කිරීමට සමත්වීම සතුටට කරුණක්.

මහජන බැංකුව නිරන්තරයෙන්ම ශ්‍රී ලාංකීය මූල්‍ය ක්ෂේත්‍රයට නව හඳුන්වාදීම් රැසක් පිරිනැමුවා නේද?

සිංහල, දෙමළ ජාතික භාෂා දෙකෙන්ම වැඩ කළ මුල්ම වාණිජ බැංකුව බවට නව බැංකුව පත් වූ අතර, එතෙක් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් මුද්‍රිත චෙක්පත සිංහල සහ දෙමළ බසින් මුද්‍රණය කිරීමට පුරෝගාමී වූයේද මහජන බැංකුවයි. එමෙන්ම බැංකු පනතින්ම උකස් සේවා සැලසීමේ උරුමය හිමිවූ රන් භාණ්ඩ උකස් ණය සේවාවට මහජන බැංකුව 1962 වසරේ අවතීර්ණ වුනා. මෙමඟින් ගමේත් නගරයෙත් ගිණි පොලිකරුවන්ගේ ග්‍රහණයට නතුව සිටි සාමාන්‍ය ජනතාව ඉන් මුදවාගැනීමට හැකිවුනා.

එමෙන්ම 1993 වසරේ ජගත් කාන්තා දිනයේදී ප්‍රථම වරට ශ්‍රී ලාංකික වාණිජ බැංකුවක් කාන්තාවන් උදෙසාම සන්නාම කරනය ලද කාන්තා ගිණුමක් ‘වනිතා වාසනා’ නමින් හඳුන්වා දුන් අතර, ශ්‍රී ලාංකික සිසු පරපුරේ අනාගත සුරක්ෂිතතාව ගොඩනඟා ඔවුන්ට ශක්තියක් වීමේ අරමුණින් මහජන බැංකුව 1996 දි වසරේ ලෝක ළමා දිනයට සමගාමිව ‘සිසු උදාන’ ගිණුම හඳුන්වා දුන්නේය. අද වන විට ශ්‍රී ලංකාවේ වැඩිම දරු දැරියන් පිරිසක් සිය ඉතුරුම් පවත්වාගෙන යන්නේ මහජන බැංකුව සමඟයි.

ශ්‍රී ලාංකික බැංකුකරණ ක්ෂේත්‍රය තුළ ඓතිහාසික සන්ධිස්ථානයක් සලකුණු කරමින් ස්වකීය ගනුදෙනුකරුවන්ගේ වටිනාකම ඉහළ නැංවීම, මෙහෙයුම් කාර්යක්ෂමතා උත්පාදනය සහ අවදානම් කළමනාකරණ හැකියාවන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් බැංකුව සිය මහජන බැංකුව 2015 වර්ෂයේදී සිය ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ආරම්භ කළා. මේ වන විට අප බැංකුව මෙරට ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා බවට පත්ව සිටින අතර, ඩිජිටල් මූල්‍ය සේවාවන් මෙරට ග්‍රාමීය ප්‍රදේශ වෙත ව්‍යාප්ත කරමින් ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ මු`ඵ ජාතියටම ගෙන ඒම සඳහා පුරෝගාමි මෙහෙවරක නිරතව සිටිනවා.

මහජන බැංකුව පිහිටවූයේ මෙරට කෘෂිකාර්මාන්තය, ග්‍රාමීය ආර්ථිකය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වැනි අංශ දියුණු කර සියලු මට්ටම් වල සාමාන්‍ය ජනතාවට බැංකු කටයුතු සමීප කිරීමටයි. එම අංශ වල දියුණුව සඳහා මහජන බැංකුව ලබාදී ඇති දායකත්වය කුමක්ද?

පසුගිය වසර තුළ ග්‍රාමීය සංවර්ධනය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සදහා සහාය ලබාදීම සහ කාන්තා ව්‍යවසායකත්වය දිරිමත් කිරීම සදහා බැංකුව ආයෝජනය කළා. 2021 වසර අවසානයේදී විවිධ ණය පහසුකම් වැඩසටහන් ඔස්සේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් රුපියල් බිලියන 63.0කට වැඩි ණය මුදල ලබාදෙන ලද අතර, කෘෂිකාර්මික, තොරතුරු තාක්ෂණ, සැපයුම්, නිෂ්පාදන, තේ සහ සංචාරක කර්මාන්ත යළි නගා සිටුවීම සදහා සිය පහසුකම් ඔස්සේ රුපියල් බිලියන 1.9ක පමණ මුදලක් ලබාදීම ද ඊට ඇතුළත් වනවා. කුඩා වතු හිමියන්ගේ කෘෂි-ව්‍යාපාර හවුල්කාරිත්වය සමග අත්වැල් බැඳගනිමින් රුපියල් බිලියන 1.0ක ආරම්භක ප්‍රතිපාදනයකින් ගොවීන් 5,000ක් සදහා අඩු පොලී ණය පහසුකම් සැලසුමක් හඳුන්වා දුන්නා.

දේශීය පොහොර නිෂ්පාදනය සහාය ලබාදීම සදහා බැංකුව සාරභූමි ණය සැලසුම හදුන්වාදුන් අතර කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සදහා රුපියල් මිලියන 533.5ක මුදලක් වෙන් කළා. එසේම කෘෂිකාර්මික සහ අත්කම් නිර්මාණ කර්මාන්තයේ ස්වයං රුකියාවල යෙදී සිටින පිරිස වෙනුවෙන් ද බැංකුව අමතර ණය යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කළා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් රටේ ආයෝජනයට සහාය ලබාදීමට බැංකුව රුපියල් බිලියන 6.0ක මුදලක් ලබාදී ඇති අතර, එයින් රුපියල් මිලියන 750.0ක් මේ වන විටත් ගනුදෙනුකරුවන් වෙත ලබා දී තිබෙනවා. පුද්ගල ණය වශයෙන් නිවාස සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය නගා සිටුවීම සදහා බැංකුව 2021 වසර අවසාන වන විට රුපියල් බිලියන 185.8කට වැඩි මුදලක් 10,000කට අධික නිවාස ණය පහසුකම් පිරිනැමුවා. ඊට අමතරව, 2021 වසර අවසාන වන විට සන්නද්ධ හමුදාවල විශ්‍රාමික ආබාධිත නිලධාරීන් වෙනුවෙන් රුපියල් බිලියන 5.5ක මුදලක් ලබාදී ඇති අතර, රුපියල් බිලියන 68.5ක මුදලක් රජයේ විශ්‍රාමිකයින් සදහා ලබාදී තිබෙනවා. කලාකරුවන් සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර‍යන්හි වෘත්තිකයින්ට සහයෝගය ලබාදෙමින් බැංකුව රුපියල් මිලියන 550.0ක මුදලක් ලබාදී ඇති අතර, විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් සහ ගුරුවරුන් වෙනුවෙන් වසර පුරා ලබාගත හැකි පරිදි ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 350.5ක ණය සැලසුමක් හදුන්වා දුන්නා. රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය ශිෂ්‍යයින් සදහා ද මේ හා සමාන පුද්ගල ණය පහසුකම් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවට මුදල් ප්‍රේෂණ එවීමේදි ගනුදෙනුකරුවන්ගේ වෙනුවෙන් බැංකුව ලබාදෙන පහසුකම් මොනවාද?

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට හෝ ඕනෑම පුද්ගලයෙකුට මහජන බැංකුව හරහා ලොව ඕනෑම රටක සිට මුදල් එවීමට හැකියාව සැලසෙන අතර, දිවයින පුරා පිහිටා ඇති 741ක් වූ අපගේ ශාඛා ජාලය වෙතින් එම මුදල් ලබාගත හැකියි.එමෙන්ම රැකී රක්ෂාවල නියැලෙන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් දිරිමත් කර ඔවුන්ව ඇගයීමේ අරමුණින් ‘People’s Remittance’ වාසි කෝටියයි, දිනුම් ඇදීම මහජන බැංකුව විසින් පෙබරවාරි 1 වැනිදා සිට ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම මහජන බැංකුව විසින් ශ්‍රමිකයින්ට විදේශගත වීම සඳහා ණය පිරිනමන අතර, එහි සේවය කරන අතරතුරදීත් ණය පහසුකම් ලබාදීම විශේෂත්වයක්. මීට අමතරව විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට මුදල් එවීමේදි බැංකු හෝ විධිමත් මාර්ග වලින් මුදල් එවීම දිරිමත් කරමින්, හදිසි අනතුරු/ ජීවිත රක්ෂණ ප්‍රතිලාභ, අඩු පොලී ණය පහසුකම් වැනි සේවා ඇතුළත් විදෙස් ශ්‍රමික දිරිගැන්වීමේ පැකේජයක් හඳූන්වා දීමටද අප දැනටමත් සියලු සැලසුම් කර සකස් කර තිබෙනවා.

බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව ඔබේ අදහස සහ ගනුදෙනුකරුවන්ට රාජ්‍ය බැංකුවක් සමඟම මූල්‍ය කටයුතු කිරීමෙන් ලැබෙන සුවිශේෂි ප්‍රතිලාභය සහ ඉන් සමාජයට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද?

සෑම බැංකුවටම සවිමත් ප්‍රාග්ධනයක් ඇති අතර, මෙරට බැංකු පද්ධතිය නිරතුරුවම මහ බැංකුවේ අධික්ෂණයට ලක් වෙනවා. එමෙන්ම මෙරට විශාලතම ප්‍රාග්ධනය ඇත්තේ රාජ්‍ය බැංකුවලටයි. මෙරට බැංකු පද්ධතිය ක්‍රියාත්මක වන්නේ ලොව ඇති ඉහළම ප්‍රමිතීන්ට අනුවයි.

රාජ්‍ය බැංකුවක් සමඟ ගනුදෙනුකිරීමේ ප්‍රතිලාභය සඳහන් කළොත් රාජ්‍ය බැංකු සතුව අසමසම ස්ථාවරත්වයක් තිබෙනවා. එම නිසා ඔබේ තැන්පතුවට උපරිම ආරක්ෂාවක් ලැබෙනවා. මෙරට වැඩිම ශාඛා ජාලය මහජන බැංකුව සතු අතර, ඔබ කොතන සිටියත් බැංකු කටයුතු පහසුවෙන් සිදුකර ගත හැකියි.එමෙන්ම පුද්ගලික හිමිකාරිත්වයක් නොමැති නිසා රාජ්‍ය බැංකුව වල ලාභය නැවත රජය හරහා යෙදවෙන්නේ රටේ දියුණුවට හා සංවර්ධනයි. රජයේ සහ මහ බැංකුවේ පසුවිපරමද රාජ්‍ය බැංකුවට හිමිවනවා.

අවසන් වශයෙන් ආනයන අපනයන සේවාවන් තුළින් මහජන බැංකුව මෙරටට ලබාදෙන දායකත්වය කෙබඳුද?

ලෝකයේ පුරා විසිරී ඇති බැංකු 900 කට අධික සංඛ්‍යාවක් සමඟ සාර්ථකව ගනුදෙනු කරන බැංකුවක් ලෙස මහජන බැංකුව, පුද්ගලික හා රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් වලට ණයවර ලිපි හා ඇපකර නිකුත් කරමින් රටේ ආනයන හා අපනයන කටයුතු සඳහා විශාල දායකත්වයක් ලබාදෙනවා. විශේෂයෙන් රටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන ඉන්ධන, ඖෂධ, ගෑස් වැනි දෑ ගෙන්වීමේදී මහජන බැංකුව ඒ සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් කරමින් මෙරට ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය සේවා සපයනවා.පෙර පැවසූවාක් මෙන් මහජන බැංකුව ලාභයම පදනම් කර නොගත් මූල්‍ය ආයතනයක් වීම නිසා නිරන්තරයෙන්ම මෙරට ජනතාවගේ මෙන්ම දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා. මෙරට පොදු ජනතාව හා බැඳුනු බැංකුවක් ලෙස මහජන බැංකුව ඉදිරියටත් තම මෙහෙවර ඉටුකරනවා.

සංස්‌කරණය ප්‍රභත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment