LOLC වෙතින් රුපියල් මිලියන 500ක මානුෂීය ව්‍යාපෘතියක්

69

ශ්‍රී ලංකාවේ මින් පෙර නොවූ විරූ අන්දමේ ආර්ථික අර්බුදය තවදුරටත් පැතිරෙමින් පවතී. එය ජනතාවගේ ජීවනෝපාය අහිමි කරමින්, සමාජය පීඩාවට පත්කරමින් මානුෂීය හදිසි තත්වයක් ඇතිකර තිබේ. ආර්ථික අර්බුදය තුලින් ඇවිළුණු සිවිල් මහජන නොසන්සුන්තාව පවුල්වල ආදායම සහ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ඇතිකරන දිගු කාලීන බලපෑම තවදුරටත් ඉහළ නංවයි.

මෙවර පුළුල් ප්‍රයත්නයක් ලෙස අඛණ්ඩ මෙහෙයුමක් සඳහා කැපවෙමින්, LOLC දිවි සවිය තවත් වාරයක් 2022 ජූලි මාසයේදී ආරම්භ වූ අතර, දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිද්දෙන් එකිනෙකට වෙනස් චක්‍ර 3 ක් ඔස්සේ එය ක්‍රියාත්මක වනු ඇත. දිවි සවිය දෙවන අදියර මාර්ග සිතියම මගින් මෙම තීරණාත්මක සන්ධිස්ථානයේදී ජන ජීවිතයට එල්ල වන බලපෑම් සමනය කිරීමේ අවශ්‍යතාව පිළිගනිමින් දිගුකාලීන ප්‍රකෘතිමත් වීමක් අපේක්ෂා කරයි.

දිවයිනේ වඩාත්ම අවදානම් කාණ්ඩවල ආහාර සුරක්ෂිතතාවය තියුණු ලෙස පහත වැටීම හඳුනා ගනිමින්, දිවි සවිය දෙවන අදියරේදී තෝරාගත් පවුල්වලට අමතරව වැඩිහිටි නිවාස, ළමා නිවාස සහ දෘශ්‍යාබාධිත ඒකක සඳහා සෘජුවම ආහාර ආධාර ලබාදීමට අදහස් කරයි. මෙලෙස සහනාධාර පැකේජ 125,000 ක් කඩිනමින් බෙදාදීමට සැලසුම් කර ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 500 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. කිලෝග්‍රෑම් 10ක් බරැති සෑම පැකේජයක්ම සහල්, පිටි, පරිප්පු, සීනි, නූඩ්ල්ස්, තේ, ලුණු, සෝයාමීට්වල සිට කුළුබඩු දක්වා වූ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වියළි සලාකවලින් වලින් සමන්විත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment