හොරට ලියාපදිංචි කළ වාහනය පැද්ද කෝටිපතියා අත්අඩංගුවට

1597

ව්‍යාජ දත්ත ඉදිරිපත් කර ලියාපදිංචි කළ රුපියල් එක්කෝටි විසිපන් ලක්‍ෂයක් පමණ වටිනා ජීප් රථයක් පරිහරණය කරමින් මහියංගනය ප්‍රදේශයේ සිටි කෝටිපති ව්‍යාපාරිකයකු පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් පෙරේදා (03 දා) අත්අඩංගවට ගෙන ඇත.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ව්‍යාජ දත්ත යොදා මෙම ජීප් රථය ලියාපදිංචි කර ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ වාහන වෙන්දේසියකින් 1999 වර්ෂයේදී ලබාගත් ජීප් රථයකට ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෙම අති සුඛෝපභෝගී ජීප් රථය එකලස්කර ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

මෙම ජීප් රථයට ව්‍යාජ චැසි අංක, එන්ජින් අංක යොදා තිබූ බව ද හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් ජීප් රථය සහ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චාමික වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මහේන්ද්‍ර පෙරේරා, උප පොලිස් පරීක්‍ෂක සඳරුවන්, සැරයන්වරුන් වන (428) ජයලාල්, (94009) ප්‍රියන්ත (104914) චෙන්මදිරාජා, රියදුරු (94734) රුද්‍රිගු ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment